Pages
▼
Pages - Menu
▼
Wednesday, November 30, 2011
මං ආසයි පියාඹන්න
මේ දිනවල රිදී තිරයේ තිරගත වෙන ”කිව්වද නහී නොකිව්ද නහී”චත‍්‍රපටයේත් පුංචි තිරයේ විකාශය වෙන ”මං ආසයි පියාඹන්න” ටෙලි නාට්‍යයේත් ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇය, රංගනයෙන්, නර්තනයෙන් මෙන්ම නිවේදිකාවක් ලෙසින්ද කාගේත් අවධානයට ලක්වූ රුවැත්තියකි. ස්වර්ණවාහිනී රූපවාහිනිය ඉදිරිපත් කළ ”ඩාන්ස් ස්ටාර් ඩාන්ස්” තරගයේ අනු ශූරතාව හිමිකරගත් ඇය, මැක්ස් රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කලා දිවියට අවතීර්ණ වූවාය.
”සයිලෝනා” ටෙලි නාට්‍යයේ මිනෝලාගේ චරිතයෙන් රංගනයට පිවිස ඇය, ”අපි අපි වගේ, කප් සුවහස් කල්, මොණරතැන්න” වැනි ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූවාය. රංගනයට අමතරව මේ දිනවල ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිවේදිකාවක් ලෙසින් ද ඇය කටයුතු කරන්නීය. තවමත් 21 වැනි වියේ පසුවන මේ රුවැත්තියගේ බලාපොරොත්තුව හොඳ, දක්ෂ රංගන ශිල්පිනියක වීමය. ඇය නමින් මේනකා පීරිස්ය. මේ දිනවල දකින රුවැත්තිය ඇයයි.
යහම්පත් ඡායාරූප - සජීව ලක්ෂාන්

අධිවේගී පාරේ වාහන පෝලිම
Lankadeepa News 2011/11/30
දක්ෂිණ අධිවේගී මාර්ගය අද වන විට කාර්යබහුල වී තිබේ. කොළඹ සිට ගාල්ල දෙසටත් ගාල්ලේ සිට කොළඹටත් යන එන වාහන නිසා අධිවේගී මාර්ගය කාර්යබහුල වී ඇත.කොට්ටාවේ පිහිටි ඇතුළුවීමේ මධස්ථානයේ දී අද උදෑසන තරමක වාහන පෝලිමක්ද දැකගත හැකි විය. මෙම මාර්ගය පාවිච්චි කරන රියැදුරන් පැවැසූවේ කාලය ඉතිරි කැරගෙන ගමන් බිමන් යා හැකි බවයි. ජනාධිපති හා අගමැති හැර අන් කිසිදු ප්‍රභූවරයකුට මේ මාර්ගයේ නොමිලයේ ගමන් කළ නොහැකියැයි මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවැසීය. ඔහුද තම වාහනය පදවාගෙන කළුතර සිට කොට්ටාවට ආවේ නියමිත මුදල ගෙවමිනි. අබලන් තත්ත්වයේ නොමැති ඕනෑම වාහනයකට මෙම අධිවේගී මාර්ගය භාවිත කිරීමට හැකි බවත්, විනෝද චාරිකා ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමේ අත්දැකීම විඳගන්නට දැන් දැන් ජනතාව වෑන් රථවලින් පැමිණෙන බව ටිකට් නිකුත් කරන නිලධාරියෙක් පැවැසීය