Labels

Blogger news

Recent Post

Comments

Add

Teknologi

Wisata

">See all post'); document.write('

?max-results=10">Tokoh Kita Hari Ini'); document.write("
?max-results="+numposts6+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts7\"><\/script>");
">See all post'); document.write('

//interstitial ad clicksor_enable_inter = true; clicksor_maxad = -1; clicksor_hourcap = -1; clicksor_showcap = 2; //connect widget clicksor_adhere_opt = 'left:50%'; //default pop-under house ad url clicksor_enable_pop = true; clicksor_frequencyCap = -1; durl = '';//default banner house ad url clicksor_default_url = ''; clicksor_banner_border = '#A0D000'; clicksor_banner_ad_bg = '#FFFFFF'; clicksor_banner_link_color = '#000000'; clicksor_banner_text_color = '#666666'; clicksor_banner_image_banner = true; clicksor_banner_text_banner = true; clicksor_layer_border_color = '#A0D000'; clicksor_layer_ad_bg = '#FFFFFF'; clicksor_layer_ad_link_color = '#000000'; clicksor_layer_ad_text_color = '#666666'; clicksor_text_link_bg = ''; clicksor_text_link_color = ''; clicksor_enable_text_link = true; ?max-results=10">Alam dan Jagad Raya

'); document.write(" ?max-results="+numposts6+"&orderby=published&alt=json-in-script&callback=showrecentposts7\"><\/script>");

Blog Archive

Archive for 11/11/11

දිය කපන දාට අලි අඬන සබරගමුවේ ඇසල පෙරහර



සබරගමුව මහ සමන් දේවාලය යනු සබරගමුවේ අපට අපේ සංස්කෘතික හැඳුනුම්පත යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.
නූතන දැනුමින් කුරුවල් නොවූ සබරගමුවේ බහුතරය සමන් දෙවිඳුන් අදටත් මහ සමන් දොවොලේ දිවමන්ව වැඩවසන්නේ යැයි විශ්වාස කරති.
එදා නීල පන්දම් සහ කීල පන්දම් එළියෙන් හතර වීදියේ ගමන් ගත් සබරගමුව මහ සමන් දේවාලයේ වීදි පෙරහර, මහ පෙරහර සහ රන්දෝලි පෙරහැර අද ආලෝකයෙන් එකලූ කළ පුළුල් මාවතක ගමන් කළ ද ඒ ද පෙර පරිදිම සතර වීදි සීමාව තුළය.
පෙරහරක් යනු කිසියම් ජන සමාජයක සමාජ ආර්ථික සහ සංස්කෘතික ප‍්‍රකාශනයකැයි සමාජ විද්‍යාඥයෝ සඳහන් කරති. ඒ අරුතින් කිසියම් පෙරහරක් තත් කාලීන සමාජයට අනුගතව රූපාන්තරණය වීම ද යථාර්ථයකි.
ඇතැම් අංග පෙරහරෙන් ගිලිහී යන්නේ ද නවාංග ඊට එක් වන්නේ ද එම සමාජ ආර්ථික සංස්කෘතික ඕනෑ එපාකම්වලට පිරිමැහෙන ආකාරයෙනි.
කජු කෑමත්, අලි බැලීමත් සබරගමුව ඇසළ පෙරහැර සමග බැඳි අපූරු අත්දැකීම් වෙති. එපමණකුදු නොව එම කරුණු කාරණා දෙක සබරගමුව වාසීන් පරපුරෙන් පරපුරට ගෙන යන සමාජ උරුමයක්ද වේ.
දුරාතීතයේ දී සබරගමුව පෙරහර පොළ පැවැතියේ දික් වීදි හෙවත් ප‍්‍රධාන වීදි දෙකෙන් එකක මග දෙපසය. පොල් අතු සෙවිලි කළ සතියක් පුරා පැවැත්වෙන එම කඩ පොළ දෙව්ලොවක්ම විය. නිත්‍ය විදුලි සැපයුමක් නොවූ වකවානුවල ඒ අඩුව පිරිමැහුනේ යෝධ ජෙනරේටර්වලින්. පෙරහර සමයේ එකී ජෙනරේටර්වලින් උත්පාදිත තාවකාලික විදුලිය ඉතා සුළු මුදලකට අවට නිවෙස්වලට ලබාදීමේ සිරිතක් ද 1970 දශකයේ මුල දක්වා පැවතිණි.
සබරගමුවේ පෙරහරට කජු වෙළෙන්දියන් පැමිණියේ දුර බැහැර සියනෑ කොරළයේ සිටය. කජු තොග රැගෙන ලොරි රථවල පැමිණෙන ඔවුහු උයන්වත්ත සමීපයේ නිවෙසක දෙකක ලැගුම් ගනිති.රැුය පුරා පන්දම් එළියෙන් කජු අළෙවි කරන ඔවුන් සැඳෑ කල එළඹෙත්ම කළු ගංගාවේ වැලි තොට හෝ වෙනයම් තොටකින් දිය නා පෙරළා සිය නවාතැන් පොළට ආවේ ඇත්ගමනිනි. ඔවුන්ගේ මුදාහල වරලස් අග රූරා වැටෙන දිය බිඳු නැවුම් චීත්ත පොට තෙත බත් කරයි.
එදා පෙරහරට පැමිණි අලි ඇතුන් බහුතරය සබරගමුවේම වලව් කීපයකට අයත් සතුන්ය. අලි ඇතුන්ගේ අයිතිය වෙළෙඳ කුලයට හිමි නොවූ තිස් වසරකට පෙර එම අලි ඇතුන් හැඳින්වීම සඳහා භාවිත කළ නම් ගොත් උන්ගේ අයිතිය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමට ප‍්‍රමාණවත්ය. 1960 දශකයේ සබරගමුව පෙරහරේ ගමන් ගත් අලි ගහණයෙන් බහුතරය මුද්දුව වලව්වට අයත් අලි ඇතුන්ය.
සෙස්සෝ වේරගම, මොලමුරේ, මාකඳුරේ, ඇලපාත, කිරිඇල්ල ආදී විවිධ වලව් හා බැඳි අලි ඇතුන්ය.
සධාතුක කරඬුව සහ දේවාභරණ වැඩම කළ අලි ඇතුන් මනා කොට සරසා සිටිය ද සෙසු අලි ඇතුන් පෙරහරට එක් වූයේ උපන් ඇඳුමිනි. ඉඳහිට අලියෙකු සුදු රෙදි කඩකින් නලල් පටයක් පමණක් බැඳ පෙරහැරට එක් කරගත් අවස්ථා එමටය.
ඇත්ගොව්වන්ට විධිමත් ඒකාකාර ඇඳුමක් සැපයීම ඇන්ටන් තෙනන්නකෝන් බස්නායක නිලමේ විසින් හඳුන්වා දෙන ලද වැඩපිළිවෙළකි.
ඒ දිනවල පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් අතරින් වේරගම බස්නායක නිලමේට අයත් ගෝඹරයා නමැති අලියා රුව ගුණ තේජසින් ඔහුගේම ස්වාමියාටම සරි වූවෙකි.
ගත පුරා ඉහිරුණු ගෝඹර නිසා ඌ එනමින් හැඳුන්වුවද උගේ අලි උප්පැන්න සහතිකයේ සඳහන් නම ”ලැබුණා” ය. වේරගම වලව්වේ ඇත් පන්තිය හා මිතුරු වූ අසල වනාන්තරයෙන් බට වල් අලි පැංචෙකු නිතර නිතර ඇත් පන්තියට පැමිණ හීලා අලි නැදිමයිලන් සමග එක පතේ කෑමේ පුරුද්දක් විය.
අවසන මේ එකපතේ කෑම සිය කැමැත්තෙන්ම වූ වේරගම වලව්වේ නතර වීමට තරම් දුර දිග ගියෙන් ලැබුණා යන අනුවර්ත නාමයත් සමග අලි පැංචා සිය කැමැත්තෙන්ම වේරගම අලි පන්තියේ සාමාජිකත්වය ලැබීය.
මුද්දුව වලව්වේ කදිරා, රාමා, රාජා, හුරතලා සහ කපුරි එක්දහස් නවසිය හැත්තෑව දශකයේ මුල දක්වාම සමන් දේවාල පෙරහර විචිත‍්‍රවත් කළ අලි ඇත් සමූහයට අයත් වූහ.
පසුව 1970 දශකයේ මැද වෙළෙඳපොළ ආර්ථිකයත් සමග අලි ඇතුන්ගේ අයිතිය ද වලව්වලින් වෙළෙඳුන්ට මාරුවිය.
අහවල් වලව්වේ ඇතා අලියා වෙනුවට ඒ අනුව අලූත් අලි පරපුරක් සබරගමුවේ පෙරහරේ 1970 දශකයේ මැද භාගයේ පටන් ගමන් කරති.
බැහැරින් පැමිණෙන අලි ඇතුන්ගේ නවාතැන් පොළ වූයේ උයන්වත්ත නමින් හැඳින්වෙන දේවාලයත් කළුගඟත් අතර පිහිටි තැනි බිම්කඩය. ඊට අමතරව පන්තියේ වත්ත නමින් හැඳින්වූ දේවාලය ආසන්නයේ වදුලූ බිම නමින් කියවෙන පරිදිම අලි ඇතුන්ට වෙන් වූ වාසස්ථානයක් විය.
එකල අලි ඇතුන් දියට ගෙන ගියේ උයන්වත්තට මදක් ඔබ්බෙන් කළු ගෙඟ් තොටුපොළටය. නා පිරිසිදු කළ අලි ඇතුන් හැන්දෑ ගොම්මන ලබත්ම දෙවොල් බිමට ගෙන ආවේ දෝරුව නමින් හැඳින්වූ පටු මංකඩක් ඔස්සේය. වැසි දිනවලට දෝරුව එකම මඩ ගොහොරුවක් බවට පත්වේ. දෝරුව දෙපස උස් ඉවුරු නයි හබරල ගාල්වලින් පිරී පැවතිනි.
ගෝඹරයා හෙවත් ලැබුණා හැටේ දශකයේ මහ සමන් දේවාලයේ පෙරහරේ බස්නායක නිලමේට පමණක් දෙවැනි එසේත් නැතිනම් සම කථානායකයාය.
අතිශය ප‍්‍රතාපවත් චණ්ඩ එම දැවැන්තයා භාරව කටයුතු කළේ කට්ටඩි නමින් හැඳින්වූ ඉතා කුඩා කයක් සහිත වැඩිහිටි ඇත්ගොව්වෙකි. වේරගම ඇත් පන්තියේ ගෝඹරයාට වඩා වැඩිමහල් එමෙන්ම උස් මහත් තවත් අලියෙකු විය.
එහෙත් පුදුමය ඌ කිසිවිටකත් සිය මලයා වූ ගෝඹරයාට ඉදිරියෙන් පෙරහැරේ ගමන් නොකිරීමය. මේ චණ්ඩි අලි මල්ලි තමාට පහර දේ යැයි බියෙන් ඇකිලි ඇකිලි මේ අලි අයියණ්ඩි පියවර මාරු කරන විලාශය එකල කුඩා අපට අපූරු අත්දැකීමක් විය.
ඒ දිනවල අල්ලිසා, සාදිරිස්, සියනේරිස්, සරණපාල, සිරිසේන වැනි නම ගිය අලි ඇත්ගොව්වන් තම තමන් බලා ගන්නා අලි ඇතුන් පිටුපස උල් හෙණ්ඩු අතැතිව ගමන් කළේ රාජකාරිය සහ දේවකාරිය ඉක්මවාලූ භාරඳූර අලි කාරිය පිළිබඳ ගාම්භීර හැඟුම් දනවමනි. තැන නොතැන නොබලා අමු කුණුහරුපයෙන් එකිනෙකාට බැණ වදින ඔවුන් හුණුවල ඕපනායක වැනි රාජකාරි ගම්වලින් ගෙනවිත් වාහල්කඩ ඉදිරියේ ගොඩ ගසා තිබුණු වඩා හොඳ කිතුල් කොට තම අලියාට ඇතාට හෝ ඇතින්නට තෝරා ගැනීමට සෙසු ඇත් ගොව්වන් සමග නිරන්තරයෙන් බැණ කියා ගත්හ.
ඔවුන්ගේ ඉඟතුර සඟවා තිබූ උල් පිහිවල හරක් අඟින් නිර්මිත මිට නෙක කැටයමින් සරසලාය.
නිදිපොළේ දැවැන්ත වනයක් සහිත ගල්ගමුවේ රාළහාමිට අයත් අලියාගේ ඇත් ගොව්වා ආරච්චි විය. ඔහු අලියා පිට ගමන් ගත්තේ දෙපා දෙපසට නොදා අලි පිට හරහට දෙපා එක් පසකට දමා ගෙනය. ඒ අතර තුර විටින් විට ඇයි යකෝ යැයි උස් හඬින් පවසන ඔහු අනතුරුව ඊට මද ස්වරයකින් කාක්කෝ යැයි එකිනෙකාට නොගැළපෙන පදවැල් දෙකක් එකට අරමුණයි.
පෙරහර ගෙට ගෙවදීමෙන් පසු එළඹෙන්නේ අලි ඇතුන් දේව වන්දනාවේ නිරත වන අවස්ථාය.
පහන් හැඟුම් දැනවෙන අලි වන්දනාකරුවන්ගේ එම බැතිබර දේව වන්දනාව දැක බලා ගැනීමට දුර බැහැරින් පැමිණි මිනිසුන් පවා ? මැදියම පසුවන තුරු උඩ මළුවේ රැඳී සිටිති.
උඩ මළුව දෙපස මඩම් ලෙස හඳුන්වන පැරණි උස් ගෘහයන් මෙන්ම අඟුල් මඩු දෙකේ ද කල් වේලා ඇතිව දරු පවුල් සමග ගාල් වන බහුතරය බොහෝ දුර බැහැරින් පැමිණි උදවියය.දෙවියන් හමුවේ දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටෙන අලි ඇතුන්ට ඔවුන් අත්පොළසන් දෙති. ඔවුන්ගේ අත්පොළසන්ද වැඳුමේ තරාතිරමටය. ඇතැම් හිතුවක්කාර අලියෙකු දෙවියන් හමුවේ වුව දණ ගැසුවේ අත්ගොව්වාගෙන් කෝටු පාර හත අටක් කෑමෙන් අනතුරුවය.
ඇසළ සැණකෙළි සමයේ දේවාලයේ හාත්පස ඉදිවන සිය ගණනක් වූ සල්පිල් සබරගමුවේ ලොකුකුඩා සැම සිත් චමත්කාරයෙන් පුරවයි.
එම තාවකාලික කඩ සඳහා බිම් කොටස් වෙන්දේසිය දේවාලය අවට පදිංචි ලොකු කුඩා හැමගේ ජීවිතවලට මොනයම් හෝ ආකාරයෙන් බලපෑම් කළේය.
පොල් අතු සහ උණ බම්බුවලින් ඉදි කළ එදා පෙරහැර පොළ විසිතුරු සිතියමක් මෙනි. කළුවර ලීයෙන් කළ අලි වෙළඳාම් සිදු කෙරුනේ සුදු රෙදි උඩු වියන් බැඳී ආකර්ෂණීය වෙළෙඳ කුටිවලය.
දුර බැහැරින් පැමිණි අයිස්ක‍්‍රීම් අළෙවි රථවල ඒකාකාර හඬ අභිභවා මාරක ළිඳේ ධාවනය වන යතුරු පැදියේ හඬ භීතියත් ශෝකයත් දනවමින් පෙරහර පැවැති දවස් පහ පුරා හතර අත පැතිරේ.
එදා මොරටුවේ සිට පැමණි ලී බඩු වෙළෙන්දෝ කඩ පවත්වාගෙන ගියේ සිංහාසනය ඉදිරිපිට කඩපොළවලය. රවුම්කඩය ලෙස හැඳින්වෙන සිංහාසනය ඉදිරිපිට අර්ධ වක‍්‍රාකාර කඩය සඳහා වසරක් පාසා තියුණු තරගයකි. එම කඩය මිලදී ගැනීම පුද්ගලයෙකුගේ පෞරුෂය වර්ධනයට ද හේතු වන්නක් විය.
මොරටුව වෙළෙන්දෝ රවුම් කඩයට එදා ඉහළම මිලක් වූහ. අපේ පෙරහරේ ඇතැම් චරිත මෙන්ම යොදා ගැනෙන විවිධ භාණ්ඩ උපකරණවල ද අපූර්වත්වයක් පැවතිනි. කොතනැත් තම්මැට්ටම ලෙසින් හැඳින්වෙන වාද්‍ය භාණ්ඩය සමන් දේවාලයේදී කුරප්පට්ටුව වේ. අප ළමා වීදියේ කුරප්පට්ටුව වාදනය කළේ හෙන්දිරික් ආතා ලෙසින් හැඳින්වූ නොලස වැඩිහිටියෙකුය.
දේවාලයේ මහ දවුල සහ එය බඩ බැඳගත් රත්තරන් හාමි එකිනෙකාගෙන් වෙන් කර ගැනීමට නොහැකි තරමට පරිපූරක භාණ්ඩ සේය.
සක පිඹීම වස්තුහාමි සිදු කරයි. කකුලේ සුව නොවන වනය පිළිබඳ නිතර අවධානයෙන් එය කඩාලන වස්තුහාමි සක පිඹීමට අදාළව එදා කුඩා අපට ඵුස්සදේව යෝධයාටත් වඩා දැවැන්ත චරිතයකි.
සමන් දේවාල පෙරහරේ වැයෙන එකම එක බටහිර වාද්‍ය භාණ්ඩයක් ද වේ. දුරාතීතයේ පටන් පෙරහරේ වැයෙන ට‍්‍රම්පට් පවුලට අයත් එම නළාවට සබරගමුව දේවාලයේ දී බුරම්පේත්තුව යන අපූරු නම පටබැඳිනි.
පොඩි සිංඤෝ, පුුන් සිංඤෝ, ඒබරන් යන එකම පවුලේ සොයුරන් තිදෙනෙකු බුරම්පේත්තුවේ වාදකයෝ වූහ. සෑම රැයකම පෙරහර අවසන් වීම හැඳින්වූයේ ගෙට ගෙවදීම ලෙසිනි.
පඬුරු පිදීම පඬුල්ලෑම විය. පඬුරු සෝදා ගැනීමට බැතිමතුන් දේවාලය පිටුපස ගල් තොටට බසිති. ගල්තොටින් මදක් ඔබ්බෙන් වලව්තොටය. බස්නායක නිලමේවරුන්ගේ නිල නිවහන වූ වලව්ව ඉදිරිපිට පිහිටීම නිසා එය එසේ නම් කළා විය හැක.
පෙරහර පටන් ගැනීමට හෝරා කීපයකට පෙර වලව්ව ඉදිරිපිට කුඩා බිම්කඩ සැඳෑ රඟ මඩළක සිරි ගනියි. නන් දෙසින් පැමිණි නමගිය කලාකරුවන් කරනම් කස්තිරම් මාලක්කම් ගසමින් සිය ඉහළම කුසලතා දක්වන අතර බස්නායක නිලමේ ඇතුළු අවශේෂ ප‍්‍රභූ ජනයා සුව පහසු අසුන්වල සිට ඒවා නරඹති.
කකුල් කෙඩෙත්තුව ඉවසිය හැකි හුදී ජනයාටද අද මෙන් එදත් එම රැුඟුම් විවෘතව තිබුණි. එදා දුර බැහැරින් පැමිණි කලාකරුවන් අතර නිත්තවෙල ගුණයා වැනි මහා කලාකරුවන් සිටි බව අප දැනගත්තේ ඊට දශක ගණනාවකට පසුවය.
දිය කැපීමේ පෙරහර අති ශෝචනීය අත්දැකීමකි. සැණකෙළියක නිමාවත් සමග පෑරුණු සිත් කම්පා දිය කපන දා සබරගමු පෙරහර නරඹන කාගේත් වතක නෙතක කැටයම් වෙයි. දිය කැපීමේ පෙරහර දොවොලින් නික්ම යන්නේ කපුටා හැඬීමටත් පෙර හිමිදිරි පාන්දරය. පානදුර රත්නපුර මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කර කොටඅඹේගාවා තොටුපළින් කළුගඟ ඉහත්තාවට ගෙඟ් පෙරහර ආරම්භ වේ.
පෙරහර ආපසු ගොඩ වන්නේද මෙම තොටුපොළටමය. එතැන් සිට පෙරහර අව් කූටකයේ ගිනියම් වූ තාර පාරේ ගමන් කරයි. විඩා බර අලි ඇතුන්ගේ දෑස්වලින් කඳුළු කැට වෑහේ. දින ගණනාවක් නෙතු පුරා නින්දක් හෝ ගතට සරිලන දිය කෙලූමකට ඔවුනට ඉඩක් තිබුණේ නැත. කොහොමටත් උෂ්ණාධික සතුන් වූ අලි ඇතුන් මේ නිසාම පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. උන්ගේ ඇස් තෙමා ගලන කඳුළු එවන් කායික පීඩාවක ප‍්‍රතිඵල ලෙස විශ්වාස කිරීමට මිනිසුන් අකමැතිය. ඔවුන්ට අනුව ඒ කඳුලූ පෙරහර අවසන් වූ ශෝකය දරා ගත නොහැකිව හෙළන දුක් කඳුලූය.
දිය කැපීමේ කටයුතු කළු ගඟ ඉහත්තාවේ රත්මල්ඇල්ල ප‍්‍රදේශයේ සිදු කෙරේ. එහෙත් ගඟ දිය වැඩි වීම නිසා හෝ ඔරු අඟුල් ගමන් කිරීමට තරම් ගඟ දිය ප‍්‍රමාණවත් නැති නිසා හෝ දිය කැපීමට භාවිත කරන විකල්ප ස්ථානයක්ද සමන් දේවාලය ආසන්නයේම පිහිටියේය.
දිය කැපූ පෙරහර ගෙට ගෙවදීමෙන් අනතුරුව දේවාභරණ වැඩමවූ හස්තියා පෙරහර පොළේ කඩපිලෙන් කඩපිලට සම්මාදමේ යෑමේ සිරිතක්ද පැවතිනි. දේව කාරිය සිදු කළ හස්තියාට කඩ හිමියෝ උක් දණ්ඩක්, කෙසෙල් ඇවරියක්, අන්නාසි ගෙඩියක් දෙති. ඔවුන් ඇත් ගොව්වන් අත කිසියම් මුදලක් මෙලවීමට ද යුහුසුළු වෙති.
තිස් හතළිස් වසරකට පෙර දිය කැපීමේ චාරිත‍්‍රය නිමා වීමත් සමග සබරගමුව සමන් දේවාල භූමියේ ඇසළ සිරිය සෝදා ගියාක් මෙන් අතුරුදන් වේ.
පෙරහර නිමවා තවත් දින කීපයක් කඩපිල් පවත්වාගෙන යාම ආරම්භ වූයේ 1970 දශකය මැද වෙළෙඳ පොළ ආර්ථිකයත් සමගය. එහෙත් දුරාතීතයේ පෙරහර අවසන් වී ගරායක් නැටුම පටන්ගන්නා ? මැදියම වන විට දෙවොලෙ හාත්පස අමු සොහොනක් බවට පාළුවට ගොසිනි. ආපසු ගම් රට බලා යන වෙළෙන්දෝ කුඩා ලොරි පොඩිවලට බඩු පටවති. අවසන් තත්ත්පරයේ පුටුවක් මේසයක් මිලට ගැනීමට ඒ අතර මොරටුවකු සමග කේවල් කරන්නෙකුගේ හඬ ද ඇසේ.
මේ මහා සැණකෙළිය අවසන් වූවා නොවේද යන තැවුල සිතට වද දෙමින් නෙතට කඳුළු පිරවීමට වෙර දරයි. සිරිත් පරිදි සුපුරුදු රාත‍්‍රී තේවාව ඇසේ. දුර බැහැරින් ආ නැට්ටුවන් බෙරකරුවන් දැන් ඔවුන්ගේම ගම රටවලට ගොසින්ය. ඉතින් ඉතිරි තුන්සිය හැට හතර දවසටම දේවාලයේ ඉතිරි වන්නේ රත්තරන් ආතා, හෙන්දිරික් ආතා, වස්තුහාමි සහ හුරතල්හාමි වැනි වැඩිහිටියන් අතළොස්සක් පමණය. තේවාවේ හඬ සමග මහ දවුල වයන බඩ රත්තරන් හාමිගේ රකුස් පෙනුම සිහිපත් වේ.
කුරප්පට්ටුව හඬවන හෙන්දිරික් ආතාගේ බැල්ම ගුප්තය. කකුලේ වනය කසමින් හක්ගෙඩිය පිඹින වස්තුහාමි එසක් හඬ පොත්ගුල් කඳුවැටියේ හැපී නිම්නාද වන ආකාරය තුමූම විඳ ගනී.
මේ නාද නිමාව අපට තවත් පණිවිඩයක් ද ගෙන එයි. එනම් හෙට සිට පාසල් යළි පටන්ගන්නා අහිමිරි පුවතයි. එහෙත් දේවාභරණ වැඩමවූ හස්තියා සඳහා ගරා යක් නැටුම තවම පටන් ගෙන නැත. පෙරහරේ තවත් යමක් තවමත් අවසන්ව නැතැයි යන තාවකාලික අස්වැසිල්ල කුඩා අපට එදා ලොකු බලාපොරොත්තු ඇති කළ තවත් හෝරාවක් විය.

සබරගමුව මහ සමන් දේවාලය
Tag : ,

නුවරඑළියෙන් ඇරඹි බලන්ගොඩින් අවසන්වන ”ලෝකාන්තය” ( Lankadeepa news )



‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.

මුහුදු මට්ටමින් අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 2010 වර්ෂයේ ලෝක උරුමයක් බවට පත්වූ මේ හෝටන්තැන්නේ කෙළවරක ‘‘ලෝකාන්තය’’ පිහිටා තිබේ.

ක‍්‍රිස්තුවර්ෂ 1831-1837 කාලයේ ශ‍්‍රී ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් විලියම් හෝටන් මහතා විසින් සබරගමුව රටේ මහත්තයා සමග ගිය ගමනකදී 1836 දී එම ස්ථානය සොයාගෙන ඇති බව ඉතිහාසයේ සදහන්වෙයි.

හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක දහතුන සාමාන්‍ය උෂ්ණත්ව පරාසය වන අතර ඇතැම් කාලවල සෙල්සියස් අංශක විසිහතක උපරිමය පෙන්වයි.

අග‍්‍රාඔය, බෙලිහුල්ඔය, උමාඔය, බගවන්තලා ඔය, හෝටන්තැන්නෙන් ආරම්භ වෙයි. නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරක් ලෝකාන්තයට ඇත. අඹේවෙල පට්ටිපොල හරහා ලෝකාන්තයට පිවිසිය හැකිය. ලිදුල ආගරපතන හරහාද පැමිණිය හැකිය. එසේම ඔහිය හරහාද පැමිණිය හැකිය. මේ මාර්ග මධ්‍යම පළාතේ පිහිටා ඇති අතර හෝටන්තැන්නේ වනජීවී කාර්යාල පිහිටි පිවිසුම් ස්ථානය දක්වා වාහනයකින් පැමිණිය හැක. එතැන් සිට පාගමනින් කිලෝමීටර් තුනකට වැඩිදුරක් ‘‘ලෝකාන්තය’’ වෙත පයින් යා යුතුය. එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ‘‘ලෝකාන්තය” යැයි කියයි. එතැන සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය ‘‘පුංචි ලෝකාන්තයයි’’.

මේ ‘‘ලෝකාන්තයෙන්’’ පහළ බැලූවිට ගිනිපෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දිස් වෙයි. ඒ පෙනෙන්නේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත්වෙයි. මේනිසා ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.

‘‘ලෝකාන්තය’’ බැලීමට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද පැමිණිය හැකි මාර්ගයක් තිබේ. ඒ බදුල්ල- කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සහ පඹහින්න අතර ඇති නන්පේරියල් හන්දියෙන් ඉහළට ඇති නන්පේරියල් වත්ත හරහා පාරයි. මේ පාරේ එනවිට ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර්ස් මහතා පදිංචිව සිටි නිවෙසද පසුකර නන්පේරියල්වත්තේ තේ කර්මාන්තශාලාව තෙක් කිලෝ මීටර් 12ක් පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 8ක් නැග්රැුක් දක්වා ගොස් එතැන් සිට පයින් කිලෝ මීටර් හතරක් පමණ ගියවිට ‘‘ලෝකාන්තයට’’ යා හැකිය. මෙය ඉතා බැවුම් සහිත අවදානම් මෙන්ම අනතුරුදායක පාරකි. නන්පේරියල් තේ කම්හල තෙක් තරමක් පහසුවෙන් වාහනයක් පැමිණිය හැකි වුවත් එතැන් සිට නැග්රැක් දක්වා වු මග අතිශයින් දුෂ්කරය.

ලෝකාන්තයෙන් පහළට කෙනෙකු වැටුණොත් හොයන්නට යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. එයද දුෂ්කර මගකි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි.

ඇතැම් අවස්ථාවල ලෝකාන්තයෙන් පහළට වැටුණු අයගේ සිරුරු සොයා හරස් මාර්ග ඔස්සේ කිලෝමීටර් හතඅටක් පයින් යා යුතුය. ඝෘජුව කන්ද නැගිය නොහැකි නිසා යායුත්තේ හරස් අතටය. හොදින් හිරු එළිය නොමැතිවූ විට මීදුම ගලාවිත් ප‍්‍රදේශයම වැසීයයි. ඒනිසා වෙනත් ප‍්‍රදේශයක මෙන් දිවාකාලයේ පැය හයක් හතක් හැර ඉතිරි කාලය මීදුම නිසා සාමාන්‍ය වැඩවලට බාධා එල්ලවේ.

ඒ නිසා ‘‘ලෝකාන්තයෙන්’’ වැටුණ කෙනෙක් නන්පේරියල් වත්තේ උඩකොටසින් හොයාගෙන තවත් කිලෝමීටර් තිස්පහක් පමණ පහළ පිහිටි බළන්ගොඩ මූලික රෝහලට ගෙනයා යුතුය. ඕස්ටේ‍්‍රලියාවේ සිට සංචාරයකට පැමිණි පනස්තුන් හැවිරිදි ක‍්‍රිස්ටෝපර් ෆිල්ටඞ් යන අය පසුගිය 30 වැනිදා කටුස්සෙකුගේ ඡයාරූපයක් ගැනීමට ගොස් ‘‘ලෝකාන්තයෙන්’’ පහළට වැටී ජිවිතක්‍ෂයට පත්විය. 31 වැනිදා ඔහුගේ සිරුර බළන්ගොඩ රෝහලට රාත‍්‍රී හත හමාර වනවිට ගෙනාවේද මෙකී දුෂ්කර මග ඔස්සේය.

Tag : ,

සිරිපා හිමේදී මිනිසුන් අතරමන් කරන බලවේගය

Lankadeepa News :-

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැ`දුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ.
සමන් දෙවි`දුන්ගේ අඩවියේ හාස්කම් අනූනය. නමුදු මේ අඩවියට පිටතින් එන කටකාර තරුණ සහ වැඩිහිටියන් ඇතැම් අවස්ථාවල මේ හාස්කම් ගැන කතාකරන විට හාස්‍යයෙන් ඒ දෙස බලයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකරති. එවැනි අවස්ථාවල ඊට ද`ඩුවම් වි`දි අවස්ථාද ඇති බව ගම්මුන්ගේ කතා අතර තිබේ.
සිරිපා අඩවියේ ආශ්චර්යයන් ගැන කතා ඇත්තේ පැරැුණ්නන් තුළය. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැුන්නෝ විශ්වාස කළහ.
එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් අතරින් වගේම අවට ගම් වලින් කුරුඳු, වල් එනසාල්, දුම්මල, හම්බුලූ හතු, අඟුරු හතු, ඉඳලෝලූ, ලේනපලා, කටුඅල, ගෝනල, කිරිතල, බෙරලිය, තිත්තඇට, හල්, දොරණතෙල් (විහාරවල චිත‍්‍ර කර්මාන්තය සදහා අවශ්‍ය වේ) සොයා යන ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝ ද තවමත් ජීවතුන් අතර සිටිති.
සිරිපා කරුණාකරන ප‍්‍රධාන මාවත් හතෙන් එකක් වැටී ඇති දැරණියගල මාලිබොඩ ගමේ එවැනි සිදුවීම් මතක ඇති බොහෝ දෙනෙක් සිටිති.
උඩමාලිබොඩ ගමේ කලකට ඉහත රතු අප්පුහාමි නම් තැනැත්තෙක් වාසයකර තිබේ. ඔහුට සී.ජී.ආර්. රතුඅප්පුහාමි යැයි කියති. ශරිරය කුඩා වුවත් රතු අප්පුහාමි නිරෝගී ශක්තිමත් තැනැත්තෙකි. හොඳ කාය ශක්තියක් තිබු ඔහුට සිමෙන්ති මිටි දෙකක්, භූමිතෙල් කෑන් එකක්, හාල් සේරු දහයක් එකවර ගෙනයා හැකි තරම් හැකියාවක් තිබු බව පැරැන්නෝ කියති. මේ නිසාම ගම්මු ඔහුව යෝධයෙකු ලෙස හැදින්විය.
හිමේ ඇති මුවන්පැන්නගලට ගොස් එහි ඇති වල්එනසාල් නෙළාගෙන එන්නට කුරුඳු ටිකක් තලාගෙන එන්නට ඔහු සමතෙකි. හිමේ මේ අඩවියට සැමදෙනාටම යා නොහැකි බවට මතයක් ගම්මුතුළ පැලපදියම්ව තිබිණි. ඒ නිසා එවැනි තැනකට තනිව යනෙන තැනැත්තා ගම්මුන්ගේ වීරත්වයට පාත‍්‍රවන්නෙකි. රතුඅප්පුහාමිත් මෙවැනි ගමන්වලට හපනෙක් නිසා ගමේ හැමෝටම ඔහු වීරයෙක් ද විය.
හිරු නැඟ එද්දී හිමේට යන ඔහු අතුරු ආන්තරාවක් නැතිව ගිය කාරණය ඉටුකරගෙන බිම් කරුවල වැටෙද්දි ආපහු ගමට එන්නට සමතෙක් බව කාගේත් පිළිගැනීම විය. දිනක් සුපුරුදු පරිදි වල් එනසාල් ටිකක් හොයාගෙන එන්නට රතු අප්පුහාමි පාන්දරින්ම ‘‘සමනල අඩවියේ මුවාපැන්නගල පැත්තට සේන්දුවිය. වෙනදා බිම් කරුවල වැටෙද්දී ගෙදරට එන රතු අප්පුහාමි එදා ඒ වනවිට පැමිණියේ නැත. ගමේ හැමෝම කලබල වූහ.
‘‘රතු අප්පුහාමි හිමේ නවතිනවානම් කියලා යන්නේ. මොකද අද පරක්කු.’’ හැමදෙනාගෙම හිත්වල සැකයකි. ‘‘සමන්දෙවි අඩවිය රතුඅප්පුට අලූත් තැනක්යැ. සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් උන්දෑ එයි’’ සුසුම්හෙල ගම්වැසියන් අස්වසන්නට වැඩිහිටියෙක් කියනු ඇසේ. ඒත් ගමේ තරුණයන් අතර ඇතිව තිබුණේ යම් භීතියකි. රතු අප්පුහාමිගේ නොපැමිණීම ආරංචි වූ ගමේ හැම නිවෙසකම එදින කිසිවෙකුත් නිදි නැත.
අද මෙන් විදුලි ආලෝකය නොතිබුණත් කුප්පි ලාම්පුවකින් හෝ අඳුර මැකිනි. ගෙදරකට දෙකකට එකතුවී වැඩිහිටියෝ රතුඅප්පුහාමිගේ නොපැමිණිම ගැන මුලින් කතා වුවත් ටික වෙලාවක් යනවිට ඒ කතාවන් සිරිපා හිමේ අද්භූත කතා මණ්ඩපයක් වන්නට පටන් ගත්තේය.
අත්දැකීම් ඇති තලතුනා වැඩිහිටියන්ගේ මේ අද්භූත කතා ඇසූ ළමෝ ලපටිහූ වැඩිහිටියන්ට වඩවඩාත් ලංවූයේ ඒවායේ බිය ජනක කරුනු වලින් යම් තැතිගැම්මකට පත්වු නිසාවෙනි.
‘‘ඔය හිමේ වෙනිවැල්, වල්දෙහි, පුස්ඇට, නගාමැරු අල, මලසුදු මහ හැඩයා, කුඩා හැඩයා, වනරාජ, ඉරරාජ, උඩවැඩියා, වෙල්ලංගිරිය, කොකුන් වගේ සිංහල වෙදකමට ගන්න ඖෂධ එහෙම බොහෝ සුලබයි’’ වැඩිහිටියෙක් අලූත් කතාවකට මුල පිරීය. කටුමැටි බිත්තියේ එල්ලූ කුප්පි ලාම්පුවේ දැල්ල ගෙනෙන්නේ සිහින් එළියකි. කෙනෙකු යන්තම් අදුනාගත හැකි එළියක් මිස ඉන් වැඩි දෙයක් ඒ එළියෙන් පැහැදිලිව නොපෙනේ. සිරිපා හිමේ සැගවුණ කතාවක් අහන්නට සැවෝම මේ වැඩිහිටියා වටකොට හිදගත්තේ පැදුරු කඩමාලූ එලාගෙනය.
මේ කතාවට සවන්දි සිටි ගැටවරයෙකු කතාවට බාධාකරමින් ‘‘මොනවද ඔය නගාමැරූ අල ’’ කියන්නේ යැයි පැනයක් යොමු කළේය. එය ඔහුට පමණක් ගැටලූවක්ව තිබූවක් නොවු බව තේරුණේ අනික් අයද ඊට ලැබෙන පිළිතුර සම්බන්‍ධව දැක්වූ උනන්‍දුව නිසාය.
‘‘මේක වුණ ඉසව්ව කොහේද කියලා හරියටම මම කියන්න දන්නෙ නෑ. නමුත් අහලා තියන විදියට මේ හිමේට මායිම්වූ ගමක වෙච්ච දෙයක්. එක ගෙදරක හිටපු අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි හිමේ ගිහිං තියනවා. බේත් අඩුමකුඩුම ටිකක් හොයාගෙන එන්න. ඉතින් පැයගාණක් ඇවිදපු මේ අයට කුසගිනි දැනිලා වාඩිවෙන්න පහසු තැනක වාඩිවෙලා ගෙනිච්ච සැහැල්ලූවෙන් (ගමන් මල්ලට කියන නමකි) තිබුණ දෙයක් කාලා තියනවා. ඊට පස්සේ මේ දෙන්නා බුලත් විටක් කාලා. බුලත් විටට ඕනෑ හුනුටික කාලා තියෙන්නේ ඒ අය ගෙනිච්ච පිහියෙ තලේ හුණු ටිකේ ගාලා. ඒ පිහිතලේ අග දිවේ ගාගෙන. ඉස්සරවෙලා න`ගා තමා එහෙම හුනු කාලා තියෙන්නේ. ඒ එක්කම මේ නගාගෙ රාගය ඇවිස්සිලා අමුතු විදියට හැසිරෙන්න පටන් අරං. අයියා කියන දේ අහන්නෙම නෑලූ. පස්සේ නංගි ගැන කලකිරුණ අයියා අර පිහියෙන්ම ඇනලා න`ගාව මැරුවලූ.
ඉතිං මේ විදියට නඟා රාගාධිකව හැසිරුණේ ඇයි කියන එක ඒ අයියටත් ප‍්‍රශ්නයක් වෙලා තිබුණේ. පස්සේ බලද්දි මොකද දන්නවාද වෙලා තියෙන්නේ. මේ දෙන්නා නතරවුණ තැන පොළොවෙ තමයි අර පිහිය ඇනලා තිබුණේ. බුලත්විට කාලා හුනුටික ගන්න පිහිය එතනින් අරගෙන හුණුඑකේ ගාලා ඒක දිවේගාගෙන තිබුණනේ. පිහිය පොළොවේ වැදිලා තිබුණේ පොළොව යට තිබුණ අලයක. ඒ අලේ තිබුණ මොනවා හරි අර නංගිගෙ ශරීර ගත වුණා. ඒක රාගය මතුකරන ඖෂධයක්. එදා ඉ`දලා ඒ අල ජාතියට කියන්නේ ‘‘ඟාගාමැරූ අල කියලා.’’ වැඩිහිටියා කතාව අවසන් කරන විට අසා සිටියවූවෝ දිග සුසුමක් හෙළා සිත සැහැල්ලූ කරගත්හ.
රැස්ව සිටියෝ මේ ආකාරයට විවිධ කතාවලට සවන් දෙමින් රැය පහන් කරමින් සිටියහ. නිදිවරන පිරිසට කහට පොල්කට්ටකින් සංග‍්‍රහ කළයුතු නිසා වතුර මුට්ටිය ළිප තබන්නැයි වැඩිහිටි කාන්තාවක් තරුණියකට සන් කළාය. එහෙත් ඇය ‘‘සිරිපා හිමේ’’ අත්භූත කතා අසා යම් බියකට පත්ව සිටි නිසා තනිවම කුස්සියට යන්නට මැලිවූවාය.
මෙසේ ආගිය කතා කියමින් සිටින අතරතුර මැදියම් රැය ඉක්මගොස් ඇති බව අහසේ දිස්වෙමින් තිබූ හද දෙස බලා වැඩිහිටියෙක් කීවේය. ‘‘ඉරපායන්න තව හෝරා හතරක් විතර ඇති. හෙට පාන්දරින්ම අපි කිහිප දෙනෙක් රතු අප්පු ගිය ඉසව්වට ගියොත් හොදා. සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් රතුඅප්පු කරදරයක් නැතුව ඉ`දී’’ ඔහු විශ්වාසයෙන් යුතුව කා තුළත් බලාපොරොත්තු ඇති කෙළේය.
මේ අතර කන්ද පහළ පාර දෙසින් හුළු අත්තක එළියක් පැතිර තිබු ඝනදුර මැදින් දිස්වනු පෙනිණි. නිදි වර්ජිතව සිටි සැවොගේම උකුසු ඇස් එදෙසටය. ‘‘මෙකක්ද මේ එළිය.’’ මේ මැදියමේ අමුත්තෙක් නම් විය නොහැක. ගමේ කෙනෙක්ද විය නොහැක. මෙවන් මහ?ක මේ ආකාරයට යන්නෙ එන්නේ කිහිප දෙනෙක් පමණක් නිසාත් වරෙක මතුවෙමින් තවත් වරෙක නොපෙනියමින් ගම මැද්දෙන් එන එළිය කාගේත් අවධානයට හේතුවක් විය.
වැඩිහිටියන් ඉදිරියට අවුත් විපරමෙන් බලද්දි තරුණයෝ ද එය අනුගමනය කළහ. නිදිවර්ජිතව සිටි කොල්ලො කුරුට්ටෝ බියෙන් වැඩිහිටි කාන්තාවන්ගේ ඇ`ග දැවටෙද්දී තරුණියෝද ඔවුන් අනුගමනය කළහ. වැඩිහිටි කතුන් තුරුණුවන් සිහිපත් කරමින් සමන් දෙවි`දුන්ගේ පිහිට ආරක්‍ෂාව හිතින් පැතීය.
ඈතීන් පෙනී නොපෙනී මතු වූ එළිය දැන් තමන් ආසන්නයට පැමිණ ඇත. එය හුලූ අත්තක් අතින්ගෙන එන පුද්ගලයෙකු බව කාටත් දැන් පැහැදිලිය.
‘‘කවුද මේ මහ ? එන්නේ’’ කාටත් ප‍්‍රහෙළිකාවකි. දෙනෙත් නොපියවා සැවෝම ඒදෙස බලා සිටිති.
පැවති දිගු නියැඩිතාව බි`දලමින් ‘‘මේ රතු අප්පුහාමි නේද?’’ වැඩිහිටියෙක් හිමින් කීවේය. කවුරුත් ඉතා ඕනැකමින් ඒ දෙස බලන්නට විය.
කුරු`දු ටිකකුත් කරතියාගෙන හුලූ අත්තකුත් අතැතිව එන්නේ හිමේට ගිය රතුඅප්පුහාමිය. ඔහුට කිසිදු මහන්සියක් නැතුව සේය. ගමේ වැඩිදෙනෙක් තමන්ගේ ගැන සෙවිල්ලෙන් සිටි බව රතු අප්පුහාමිට අවබෝධ විය. ඔහුට සියුම් සතුටක් ද දැනිණ.
‘‘ඈ රතු අප්පුහාමි මොකදෑ වුණේ?’’ වැඩිහිටියෙක් විමසීය.
‘‘මම කුරුඳු ටිකක් තලාගන්න කියලා මුවාපැන්්නගලට ගියා. යන පාරේ වල් එනසාල් පිරිලා. ඒවා ටිකක් කඩාගෙන මල්ලෙ දාගෙන මම කුරුදු තැළුවා. වෙලාව යනවා දැනුණේ නෑ. එන්න පිටත්වෙලා ටික වෙලාවකින් අදුර වැටුණා. මතක තියන විදියට මම පාරවල් වලින් බැස්සා. තරු එළිය තමයි එළියකට තිබුණේ. මට පාර වැරදිලා. මම බැස්සේ එරත්නේ පොල්කොටුවෙ කඬේ ළගට. කඬේ දැක්කා විතරයි මගේ සාගින්දර ඉහවහා ගියා. කඬේ තිබුණ විස්කිරිඤ්ඤ බෝතලෙන් බාගයක් විතර කාලා සුදහගින්න නිවාගෙනයි මම මේ ආවේ.’’‘‘බොලන්ලා එකක් මතක තියාගත්තොත් හොදා. මේ සමන් දෙයියන්ගේ අඩවියේ වැඩි තණ්හාවට යන එක එච්චර හොද නෑ. රතුඅප්පුහාමි ගමේ එකා හින්දා ආපහු ගමට එව්වා. නැත්නම් ඉතින් මහවනේ තමයි ඉන්න වෙන්නේ.’’ ‘‘හිමේ අත්භූත’’ බව ගැන වැඩිහිටියෙක් අවවාද දුන්නේය.
Tag : ,

සුළං බලයෙන් ධාවනය කරන්න මෝටර් රියක් හැඳු තරුණයෙක්

Lankadeepa News :-


ඔහු තවමත් හිරිමල් වියේය. කුඩා කල සිටම ඔහුගේ මනසේ වාහන පිළිබඳ සිහින හොල්මන් කළේය. ඒ කාලයේ සුදු කඩදාසියක ඔහු අතින් සිතුවම් වුණේ මලක්, සමනළයකු හෝ කුඩා දරුවකු හෝ ආසා කරන එවන් සිතුවමක් නොවේ. මහමග දකින වාහන අතර ඉතා කලාතුරකින් දැකිය හැකි අපූර්ව වාහන ඔහු අතින් සිතුවම් විය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ වයස අවුරුදු 25 ඉක්මවද්දී ඔහු අතින් ඉතා හුරුබුහුටි වාහනයක් නිෂ්පාදනය වීමයි. හේ නමින් නිලංග සෙනෙවිරත්න ඈපාය. දෙස් විදෙස් සරසවිවලින් ඉංජිනේරු උපාධිය ලබා ඔහු අතින් නිමවූ මේ අපූර්ව නිර්මාණය පිළිබඳව අපි ඔහුගෙන්ම අසමු.
”පුංචි කාලේ ඉඳන්ම මම වාහනවලට පුදුම ආසාවක් දැක්වූවා. තර්ස්ටන් විද්‍යාලයේ අකුරු කරද්දී වයස අවුරුදු 15x16 ඉඳන් කාර් අඳින්න පටන් ගත්තා. එහෙම ඇඳලා ටික දවසක් යනකොට ඒ වාහනය පාරේ යනවා දකිනවා. මගේ පියාත් ඉංජිනේරුවෙක්. ඒ නිසා ඔහුත් මේ ගැන විශේෂ උනන්දුවක් දැක්වූවා. ඒ දවස්වල මගේ පියා ඒ සිතුවම් ”ටෙක්නෝ” ප‍්‍රදර්ශනයට තිබ්බා. උසස් පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්.
1992 වසරේ තර්ස්ටන් විද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ මැලේසියාවෙ ”ස්වින්බර්න්” විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ෂණය ගැන ඉංජිනේරු පාඨමාලාවක් හදාරන්න ගියා. නමුත් මගේ හිතේ විශේෂ ආසාවක් තිබුණේ වාහන සැලසුම් කිරීමට නිසා ඒ පිළිබඳ ඉංජිනේරු උපාධියක් හදාරන්න හිතුවා. පසුව මැලේසියා විශ්වවිද්‍යාලයේ කුලපතිතුමාත් මගේ ඒ දක්ෂතා දැකලා එංගලන්තෙ ”කවන්ටි‍්‍ර” විශ්වවිද්‍යාලයට යන්න මාව උනන්දු කළා. ”ස්වින්බර්න්” විශ්වවිද්‍යාලයේ 2007 වසරේ හොඳම රොබෝ නිර්මාණය කළෙත් මමයි.”
එම විශ්වවිද්‍යාල දෙකේදී ඔහු විසින් එක් රැුස් කරගත් තාක්ෂණික දැනුම් සම්භාරයත් සමග ඔහු තනිවම මෝටර් රථයක් නිර්මාණය කරන්නට සූදානම් විය. පියාගෙන් ඊට නිබඳ සහායක් ලැබිණි. වසර හතරක පර්යේෂණ කාලයකින් අනතුරුව ඔහු ඒ බාරදූර කාර්යයට අත තැබීය.
”වාහනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මුලින්ම හොයාගත්තා. නමුත් මගේ කියලා ”ඩි‍්‍රල්” එකක්වත් තිබුණේ නැහැ. ඒ උපකරණ වෙනත් අයගෙන් ඉල්ලා ගත්තා. මේ වාහනයේ විශේෂත්වය බැටරි 8ක වොට් 48ක ධාරිතාවකින් වාහනය පණ ගැන්වෙන්නෙ. අමතර වොට් 12ක බැටරියකින් වාහනයේ විදුලි පහන් දැල්වෙනවා. එම බැටරිය ඇමරිකාවෙන් ගෙන්වපු එකක්. මිල ලක්ෂ 2ක් විතර වෙනවා. නමුත් ඉදිරියේදී ඒක රුපියල් 50,000ක විතර මුදලකට මට හදන්න පුළුවන්. මේ බැටරි චාර්ජ් කරන්න වුවමනා විදුලිබලය ගන්නෙ සුළං බලයෙන් විදුලිය නිපදවලයි. ඒ නිසා මේ වාහනය බොහොම පිරිමැසුම්දායකයි. වැයවෙන විදුලියත් එක්ක කිලෝ මීටරයක් සඳහා වැයවෙන්නෙ රුපියල් දෙකයි. කිසිදු දුමක් පිටවෙන්නෙ නැති නිසා පරිසර දූෂණයක් සිදුවෙන්නෙත් නැහැ. පරිසරයටත් හිතකරයි. කිසිදු ශබ්දයකුත් පිටවෙන්නේ නැහැ. පැයට කිලෝමීටර් 60ක වේගයෙන් මේ වාහනය ධාවනය කරන්න පුළුවන්. රුපියල් ලක්ෂ 30ක් විතර මේකට වැයවුණත් ඉදිරියේදී රුපියල් ලක්ෂ හයකට විතර වෙළෙඳපොළට නිකුත් කරන්න අදහස් කරනවා. දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන මේ වාහනයේ දෙදෙනෙකුට විතර යන්න පුළුවන් වුණත් ඉදිරියේදී 4 දෙනෙකුට යන්න පුළුවන් විදියට හදනවා.”
දැනට රටවල් 18කින් මේ වාහනය එයාලා හදන්න ඉල්ලනවා. මෙහෙම සුළං බලය උපයෝගී කරගෙන චාර්ජ් කරන වාහන ඩෙන්මාර්කයේ, ජර්මනියේ වගේ රටවල තිබෙනවා. සුළං බලය විදුලිය නිපදවීම සඳහා උපරිමයෙන් ඒ රටවල් භාවිත කරනවා. අපේ රටේත් සුළං බලයෙන් විදුලිය නිපදවා මේ වගේ වාහන සඳහා යොදාගන්නවා වගේම නිවෙස්වල විදුලි අවශ්‍යතාවලටත් යොදාගන්නත් පුළුවන්. දැනට මෙම වාහනය ගැන අපේ ජනාධිපතිතුමා දැනුවත් වී තිබෙනවා. එතුමා මට ඇගයීම් සහතිකයක් ද ලබා දුන්නා. අපේ රටේ මෙය නිපදවීමට අවස්ථාවක් නොලැබුණොත් ජර්මනිය වගේ රටක් එක්ක සම්බන්ධ වෙලා ඒ කටයුත්ත කරන්න අදහස් කරගෙන ඉන්නවා.
ආචාර්ය ලෝරන්ස්, ආචාර්ය රේ විජේවර්ධන යන මහත්වරුන්ගෙනුත් එස්.ඒ.ඞී.එස්. සුබසිංහ ඉංජිනේරුවරියගෙනුත් මට මේ කාර්යය කරන්න වටිනා උපදෙස් ලැබුණා. ලංකාවේ සුළං සම්පත සුලභව තිබෙන නිසා සුළං බලයෙන් ධාවනය කළ හැකි මෙවැනි වාහන, දියුණු කළොත් වාර්ෂිකව පැට‍්‍රල් ගෙන්වන්නට රජයට වැයවන විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. ඉදිරියේදී මෙම තාක්ෂණය භාවිත කර කෙටිදුර ධාවනයට සුදුසු බස්රථයක් නිපදවීමටත් මගේ සැලසුමක් තිබෙනවා.”
මෙවැනි සැඟවුණු දක්ෂතා ඇත්තවුන් රටකට මහඟු සම්පතකි. පරිසරයට හිතකර, සහනදායී මුදලකට මිලදී ගත හැකි, මෙවන් අපූර්ව නිර්මාණයකට අත දී අපේ ආර්ථිකයට විශාල ශක්තියක් එකතු කර ගැනීමට උනන්දු වීම බලධාරීන්ගේ වගකීමකි. එසේම අපේ රටේ නිලංග වැනි තවත් සම්පත් සැඟව සිටින්නට පුළුවන. ඔවුන්ගේ එම සුවිශේෂී දක්ෂතා මුවහත් කර ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට ගෞරවාන්විත බවක් එක් කරන්නටත් එම බලධාරීන්ගේ දෑස් දැල්වේවා යන්න අපේ පැතුමයි.
Tag : ,

අතරමං නොවී දඹදිව සංචාරය කරන්නේ මෙහෙමයි

Lankadeepa News :-


ශ්‍රී ලංකාවෙන් දඹදිව වන්දනාවේ ගිය නඩ තුනක පුද්ගලයන් තිදෙනකු පසුගිය මාසයේ ඉංදියාවේදී අතුරුදහන් වී ඇති බවට මේ සතියේ මාධ්‍ය වාර්තා කර තිබිණි.ඇල්පිටිය, දෙනියාය, යටියන්තොට යන ප‍්‍රදේශවලින් ඉන්දියාව බලා ගිය වන්දනා නඩවලට අයත්වූ බැතිමතුන් මෙසේ අතුරුදහන් වී ඇති බව වැඩිදුරටත් වාර්තා විය. කෙසේ වූවද ඇල්පිටිය ප‍්‍රදේශයෙන් ගිය වන්දනා කරුවා දින පහකට පමණ පසුව නවදිල්ලියේදී හමුවී ඇති බවද පසුව වාර්තා විය. දඹදිව වන්දනාවේ ගොස් අතුරුදන් වූ බැතිමතකු යළි හමුවීමේ දුර්ලභ සිද්ධියක් ලෙස මෙය සැලකිය හැකිය. දඹදිව වන්දනාවේ බැතිමතුන් රැගෙන යන නඩවලින් පුද්ගලයන් අතුරුදහන්වූ ප‍්‍රථම වතාවද මෙය නොවේ. එසේම මේ අවසන් අවස්ථාවද නොවිය හැකිය. දඹදිව වන්දනා නඩ රැගෙන යන සංවිධායක වරුද අති විශාල පිරිසකි. සමහරු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි වී නිත්‍යානුකූලව වන්දනා නඩ රැගෙන යති. එසේම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවූ අයද වන්දනා නඩ රැගෙන යති.
දඹදිව වන්දනා කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දඹදිව වන්දනා සංවිධායකවරුන් ලියාපදිංචි කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.ගිහි සංවිධායකවරු මෙන්ම පැවිදි සංවිධායකවරුද වන්දනා නඩ රැුගෙන ඉංදියාවට යති.මේ වසරේ දෙවැනි දඹදිව වන්දනා සමය දැන් ඇරඹී ඇත. එය අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් මාසයේ මුල් සතිය දක්වා වෙයි. මෙම කාලයේ බැතිමතුන් අති විශාල පිරිසක් දඹදිව බුද්ධ භූමි වැඳ පුදා ගැනීමට පෙළඹී සිටිති. මේ වසරේ පිරිස තවත් වැඩිවීමට හේතුවී ඇත්තේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යෙදී තිබීම නිසයි.දඹදිව වන්දනා ගමන ඉතාමත් දුෂ්කර සංචාරයක් බව වන්දනාවේ ගිය බැතිමතුන්ට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. විශේෂයෙන් පළපුරුදු සංවිධායකවරයකුගේ මග පෙන්වීම මේ ගමන සඳහා ඉතා අවශ්‍යය.ඉන්දියාවේ ප‍්‍රාන්ත ගණනාවක පැතිරී ඇති බෞද්ධ සිද්ධස්ථාන සංඛ්‍යාව අති විශාලය. මේවා දැක බලා වැඳ පුදා ගැනීමට සාමාණ්‍යයෙන් ඉංදියාවේ හා නේපාලයේ කිලෝ මීටර් 8000ක් 10000ක් අතර දුර ප‍්‍රමාණයක් ගමන් කිරීමට සිදුවේ. අඩුම වශයෙන් සතියකට වැඩිකාලයක් ද සියලූම සිද්ධස්ථාන වන්දනා කිරීමට උපරිම වශයෙන් මාසයකට ආසන්න කාලයක්ද ගතවේ.කෙළින්ම ගුවන් මගින් මදුරාසියට පැයක පමණ කාලයකින්ද, දිල්ලියට පැය තුනහමාරක පමණ කාලයකින්ද, බරණැසට හෝ බුද්ධගයාවට පැය තුනක පමණ කාලයකින්ද ගමන් කළ හැක. මදුරාසියට ගුවනින් යන අයට එතැන් සිට බරණැසට හෝ දිල්ලියට දුම්රියෙන් යාමට සිදුවේ. ඒ සඳහා පැය 40 ක පමණ කාලයක් ගතවේ. එතැන් සිට බස්රථ වලින් හෝ වෑන් රථ වලින් ගමන ආරම්භ කළයුතුය.මිහින් ලංකා ගුවන් සේවය නිසා සෑම බදාදා සහ ඉරිදාවකම වන්දනා කරුවන්ට බරණැසට හෝ ගයාවට කෙළින්ම ගමන් කිරීමට අවස්ථාව සැලසී ඇත.දඹදිව වන්දනා ගමනට සූදානම් වනුයේ විශේෂයෙන්ම වැඩිහිටියෝය. ජීවිතයේ එකම බලාපොරොත්තුව වූ දඹදිව බුද්ධ භූමි වැඳපුදා ගැනීමට සම්බන්ධවන බොහෝ බැතිමත්හු වයස 60 ඉක්මවූ අයවෙති.මේ තත්ත්වය හොඳින් වටහා ගන්නා ඇතැම් සංවිධායකවරු බැතිමතුන්ට ලංකාවේදී මවා පෙන්වූ සුඛෝපභෝගී චාරිකාව ඉංදියාවේදී අමතක කරති. ඇතැම් සංවිධායකවරුන්ගේ හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගේ මවා පෑම් වලට මුලාවී වයස්ගත බැතිමත්හු ඉංදියාවේදී අනේකවිධ දුෂ්කරතාවලට මුහුණ පෑම සුලභ දසුනකි.දැකබලා වැඳපුදා ගත යුතු ස්ථාන හතරක් ගැන බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත‍්‍රයේ දේශනා කර ඇත. ඒ සිදුහත් කුමරු උපත ලැබූ ලූම්බිණි සල් උයන, සිදුහත් බෝසතානෝ බුද්ධත්වය ලැබූ බුද්ධගයාව හා ජයශ්‍රී මහා බෝධිය, බුදුන් වහන්සේ මංගල ධර්ම දේශනය පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය සහ උන්වහන්සේ පිරිනිවන් පෑ වදාළ කුසිනාරා නුවර උපවත්තන සල් උයන යන සතර ස්ථානයෝ වෙති.බැතිමතුන් දඹදිවට රැගෙන ගොස් ප‍්‍රධාන ස්ථාන හතරවත් නොවන්දවන ඇතැම් සංවිධායකවරුන් ගැනද පසුගිය කාලයේ අසන්නට ලැබුණි. පසුගිය වකවානුවේදී නේපාලයේ පැවැති දේශපාලන අස්ථාවර තත්ත්වය ප‍්‍රයෝජනයට ගත් ඇතැම් සංවිධායකරු ලූම්බිණියේ සිදුහත් උපන් ස්ථානය වන්දනා කිරීමට බැතිමතුන් රැගෙන යාමෙන් වැළකී සිටි බවද වාර්තා විය.වන්දනාකරුවන්ට ඉංදියාවේදී ලබාදෙන ආහාර ගැනද සඳහන් නොකරම බැරිය. ශ්‍රී ලංකාවේ ක‍්‍රමයට ආහාර දෙන බවට ප‍්‍රචාරය කරති.
බොහෝ සංවිධායකවරුන්ගෙන් මුලූ වන්දනා කාලය තුළම වන්දනාකරුවන්ට ලැබෙනුයේ එකම වර්ගයේ ආහාරය. වන්දනාවේදී බත් සමග එළවළු පමණක් ආහාරයට දෙන සංවිධායකවරුද නැත්තේ නොවේ. අර්තාපල් පරිප්පු, බතල, ගෝවා, වම්බටු, මුරුංගා, තක්කාලි, බංඩක්කා, ලබු, පුහුල්, රාබු නෝකෝල්, වට්ටක්කා වැනි එළවළු වර්ග නිතර ආහාර වේලට එකතු කෙරේ. මේවා ඉංදියාවේදී ඉතාම අඩු මිලට ගතහැකි එළවලූ වර්ගයි.තවත් සමහර සංවිධායකවරු බැතිමතුන් සැමදා සිල් ගන්වති. එය ඔවුන්ගේ රාත‍්‍රී කෑම වේලට වැයවන මුදල ඉතිරිකර ගැනීමේ මාර්ගයකි.ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක් ජාතික උරුමයන් ලෙස යුනෙස්කෝව මගින් ප‍්‍රකාශයට පත් කර ඇත. එම ස්ථාන ආරක්ෂා කිරීම, නඩත්තු කිරීම ඉංදියා පුරාවිද්‍යාව මගින් සිදු කෙරේ. ඒ සිද්ධස්ථානවලට ඇතුල්වීමට ගාස්තුවක් අය කරයි. පසුගිය කාලයේ මෙම සිද්ධස්ථානවලට ඇතුල්වීමට විදේශකයන්ගෙන් අධික මුදලක් අය කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාර්ක් සමුළු සභාපති වීමෙන් පසු ඉංදීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා සමග සාකච්ඡා කර සාර්ක් රටවල බෞද්ධයන්ට දඹදිව සිද්ධස්ථානවලට ඇතුළුවීමට සහන ගාස්තුවක් ඇති කළේය. ඒ අනුව ඉංදියා ජාතිකයන්ට අය කරන ගාස්තුවම සාර්ක් රටවල සාමාජිකයන් සඳහාද ක‍්‍රියාත්මක විය. දැනට පුරාවිද්‍යා රක්ෂිත ස්ථානයකට ඇතුළුවීම සඳහා ඉන්දීය රුපියල් 5.00ක මුදලක් අයකෙරේ. නමුත් සමහර ප‍්‍රාන්ත මගින් නියම කර ඇති බදු මුදල් අනුව මෙම මුදල සුළුවශයෙන් වැඩිවෙයි. ඇතැම් සංවිධායකවරු සිය නඩය මෙම සිද්ධස්ථාන අසලට කැඳවාගෙන විත් ඇතුළුවීමට නඩයේ අයගෙන් මුදල් එකතු කරති. මුදල් දුන් අයට ඇතුළට ගොස් බැලීමටත් නුදුන් අයට පිටත සිට ස්ථානය නැරඹීමටත් සිදුවේ. තවත් සමහරු සිද්ධස්ථානයේ ආරක්ෂිත වැටෙන් පිටත සිට ඇතුළත පෙන්වති. එසේ කිරීමෙන් එම සිද්ධස්ථානයට ඇතුළුවීමට අයකරන මුදල සමහර සංවිධායකවරු ඉතිරි කර ගනිති. විශේෂයෙන් මෙවැනි අවස්ථාවන් දක්නට ලැබෙන්නේ කෙටිකාලීන සුඛෝපභෝගී සංචාරයන් සඳහා යන බැතිමතුන්ටය. කාලය ඉතිරි කර ගැනීම මෙහි අරමුණ වේ.බුද්ධගයාවේ බෝධි මංඩලය පිහිටි ප‍්‍රදේශයට ඇතුළුවීමට කිසිදු මුදලක් අය නොකරයි. ඉතා දුකසේ අසීරුවෙන් මුදල් සොයාගෙන දඹදිව වන්දනාවේ පැමිණෙන අසරණ බැතිමතුන් සුරාකෑමේ විවිධ ක‍්‍රම ඇතැම් සංවිධයකවරු අනුගමනය කරති.
ලංකාවේ භික්ෂුන් වහන්සේ වැඩ සිටින සමහර සිද්ධස්ථාන වලට ආධාර කරන ලෙස ඇතැම් සංවිධායකවරු බැතිමතුන්ට දන්වති. එසේ බැතිමතුන් කරන ආධාර වලින් කොටසක් ඉල්ලා සිටින සමහර සංවිධාකවරුද සිටින බවක් සඳහන් කළ හොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.දඹදිව වන්දනාවේදී ඉහළම පහසුකම් සහිතව නවාතැන් දෙන බව සමහර සංවිධායකවරු ලංකාවේදී පවසති. නමුත් ඉංදියාවට ගිය පසු එම සැළකිලි වචනයට පමණක් සීමාවේ.වයස්ගත වැඩිහිටියන්ට බිම වාඩිවීම හෝ නිදාගැනීම අපහසුය. නමුත් සමහර නවාතැන් ගන්නා ස්ථානවලදී බිම නිදා නොගෙන කළ හැකි දෙයක් ද නැත. මේ නිසා වැඩිහිටියන් ශාරීරික මෙන්ම මානසික පීඩාවලටද ගොදුරුවේ.ඇතැම් සංවිධායකවරු ඉංදියාවේ ඉතාම පහළ මට්ටමේ හෝටල්වල පවා බැතිමතුන්ට නවාතැන් ගැනීමට සලස්වති. එම ස්ථාන වගුරු බිම් හා සමානවේ. සමහර කාමරවල නැවතීමට ජලයේ බැසයාමට පවා සිදුවේ. නිදා ගැනීමට තබා තමාගේ ඇදුම් බෑගයවත් තබා ගැනීමට තැනක් නැති කාමරද සමහරුන්ට නැවතීමට ලැබේ. දෙදෙනකුට හෝ තිදෙනකුට වෙන්වූ කාමරවලට පස්හය දෙනා බැගින් ගාල් කරන අවස්ථාද නැත්තේ නොවේ. මේ මගින් කාමර සඳහා වැය කරන මුදල ඉතිරි කර ගැනීමට හැකිවෙයි. ඇතැම් සංවිධායකවරු බැතිමතුන් පන්සියයකට අධික නඩද රැගෙන යති. මෙම නඩවල අසීමිත විශාලත්වය අනුව වන්දනාකරුවන් ගැන සොයා බැලීම පාලනය කිරීම ඉතාම අසීරු කරුණක් වනු ඇත. මේ නිසා වන්දනා කරුවන් රෝගාබාධයන්ටත් විවිධ දුෂ්කරතාවයන්ට ගොදුරු වීම නිතර සිදුවන්නකි. මෙවැනි සංවිධායකවරු ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශයට සමහරු දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ. නමුත් කිසිදු ප‍්‍රතිඵලයක් නැත.දඹදිව බුද්ධ භූමි වන්දනාව සමග බැඳුන තවත් වන්දනාවක්ද තිබේ. ඒ සාරි වන්දනාවයි. වන්දනාවේ යන බැතිමතුන්ට සාප්පු සවාරියක්ද පිළියෙල කිරීමට සංවිධායකවරුන්ට අනිවාර්යයෙන්ම සිදුවෙයි. එම නිසා බොහෝ සංවිධායකරුවන්ට සාප්පු සවාරි සඳහා මුල්තැනක් දීමටද සිදුවේ. මේ නිසා ඇතැම්හු වන්දනා කළ යුතු ස්ථාන කපා හැර එම කාලය සාප්පු සවාරියට එකතු කරති. ඇතැම් සංවිධායකවරු එයද තම වාසියට හරවා ගන්නා අවස්ථා නැත්තේ නොවේ. සංවිධායක හඳුන්වාදෙන සාප්පුවලින් බඩු මිලදී ගැනීමට බැතිමතුන් යොමුකෙරේ. එම සාප්පුවලින් කොමිස් මුදල් එකතු කරගන්නා සමහර සංවිධායකවරුද අපට හමුවී ඇත. සමහර සංවිධායකවරු ලංකාවේ විවිධ ව්‍යාපාරිකයෝ වෙති. ඔවුනට අවශ්‍ය විවිධ භාණ්ඩ රේගු ගාස්තුවලින් බේරී ගෙන ඒමට තම නඩයේ වන්දනාකරුවන් යොදා ගන්නා අවස්ථා ඇති බව රේගු නිලධාරීහු පවසති.දඹදිව වන්දනාකරුවන් රැගෙන යන සියලූම සංවිධාන හෝ සංවිධායකවරු ඉහත සඳහන් සිද්ධීන්වලට සම්බන්ධ බවක් මෙයින් අදහස් නොකෙරේ. ඕනෑම මට්ටමක ජීවත්වන බැතිමතුන් හට ගැලපෙන පරිදි අඩු මුදලකින් වැඩි පහසුකම් සහිතව සමහර සංවිධායකවරු වන්දනා චාරිකා නිර්මාණය කර ඇත.දඹදිව බුද්ධභූමි වැඳපුදා ගැනීමට යාමට අදහස් කරන බැතිමතුන් ඒ සඳහා සුදුසු සංවිධායනයක් බුද්ධිමත්ව සිතා බලා තෝරා ගත යුතුය. විශේෂයෙන් පළපුරුදු සංවිධායකවරයකුගේ මග පෙන්වීම යටතේ ඒ සඳහා සූදානම් විය යුතුය.
සාධාරණ ලෙස මුදල් අයකරමින් පොරොන්දුවන පහසුකම් ඒ අයුරින්ම ලබා දෙමින් ඉතාම උසස් අන්දමින් බැතිමතුන්ගේ බුද්ධාලම්බන ප‍්‍රීතිය උද්දීපනය වන ලෙසින් වන්දනා නඩ රැගෙන යන සංවිධායකවරු හා සංවිධාන සැලකියයුතු ප‍්‍රමාණයක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිටිති. ව්‍යාපාරික පරමාර්ථයන්ට වඩා වන්දනාකරුවන්ගේ ශුභ සාධනය වෙනුවෙන් කැපවූ සංවිධානද, සංවිධායකවරුද සිටිති. ඉතාමත් විමසිල්ලෙන් එවැනි අය තෝරාගත යුතුය. වංචනික පුද්ගලයන්ට රැවටී පසුතැවිලිවීමට එවිට සිදුනොවේ.දෙනබව කියන පහසුකම් මගින් ඔබට දඹදිව වන්දනා චාරිකාව සාර්ථකව ඉටුකරගත හැකි බව තහවුරු වන්නේ නම් පමණක් එවැනි සංවිධානයක් තෝරාගෙන ආරක්ෂාකාරීව පහසුවෙන් වන්දනා ගමනට සහභාගිවන්න.දඹදිවදී ඇසු හා දුටු දේ හා අත්දැකීම් ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත. පුද්ගලයකු හෝ සංවිධානයකට පහර ගැසීමට හෝ අපහසුතාවකට පත්කිරීම මෙයින් අදහස් නොකරන බව කරුණාවෙන් සලකන්න.
Tag : ,

බොරු කකුලකින් ඇවිදින පින්නවල සාමාගේ කතාව

Lankadeepa News :-

දවස සිකුරාදාවකි. වේලාව සවස හතරයි තිහයි. පැය දෙක හමාරක පමණ කාලයක් මා ඔයේ කෙළිදෙළෙන් ගත කළ අලි රංචුව මඩ සහිත ඉවුරෙන් ගොඩ වී ගල් ඇතුරූ පාරට ගොඩවූයේ සිය නවාතැන් පොළ වෙත යන්නටය. මඟ දෙපසින්ම ඇත්තේ විවිධ සමරු තිළිණ සහිත වෙළෙඳසල් සහ බෝජුන් හල්ය. එවායේ රැඳී ඉන්නා දේශීය හා විදේශීය සංචාරකයෝ ඇස් අයාගෙන අර අලි රංචුව දෙස බලා සිටිති. ඔවුන්ගේ ඇස්වල සටහන්ව ඇත්තේ විමතියයි. මිනිත්තු කිහිපයක් ඇතුළත නික්ම ගිය අලි රැළ ඉනික්බිති පින්නවල අලි අනාථගාරය තුළට වැදෙනු ඇත්තේය. එහෙත් මේ පිරිස අතර සිටින එක් සතෙක් පිළිබඳ මතකය කොයි කාගේත් සිත් තුළ රැඳී පවතින්නේ කිසියම් අනුකම්පාවක්ද සමගය. ඒ සතා වූ කලී කෙනරකි. කවුරු කවුරුත් පොදුවේ වහරණ බසින් නම් ඇතින්නකි.
නමින් සාමා වූ මේ ඇතින්න උතුරු පළාතේ වනයක දී බිම් බෝම්බයකට අසු වී පයක් අහිමිකරගත් අබ්බගාතයෙකි. එහෙත් දැන් රැළේ අනෙකුත් අලින් සමග ඇවිද යන විට මේ ඇතින්නගෙන් කිසිදු වෙනසක් නොපෙනෙයි. ඇය සාමාන්‍ය ලෙස පියවර තබා යන නිසාය. එහෙත් වසර දහයකට පෙර පස් හැවිරිදි පැටියකුව සිටි මේ ඇතින්න අලි අනාථගාරයට ගෙන එද්දී ඇය සිටියේ ඇවිද යන්නට පවා නොහැකිවය. ළඟට දෙන කෑමක් කමින්, බොමින් රැළේ අනෙක් සාමාජිකයන්ගේ උදව් පදව් ද ලබා ගනිමින් ය. දහසය වසරකට පෙර මා මුලින්ම සාමා දුටු දා පශූ වෛද්‍ය චන්දන රාජපක්‍ෂගෙන් සාමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසුවෙමි. ඔහු කෙරෙන් පළවූයේ දුක්මුසු බැල්මකි.
”ටිකින් ටික වර්ධනය වෙන කොට සාමාගේ සිරුරේ බරත් වැඩිවෙනවා. එතකොට ඇගේ ශරීරයේ සමබරතාව බිඳෙන්න පුළුවන්. ඒ වගේම ඇය ඇවිද යන ඉරියව්ව වෙනස් වීම නිසා එය ඇගේ ශරීරයේ අභ්‍යන්තර අවයවවලටත් යම් බලපෑමක් කරන්න පුළුවනි. ඒ වගේම ඇයට බලපාන තවත් බරපතළම ප‍්‍රශ්නය වන්නේ ඇගේ ඉළ ඇට කූඩුව ඇගේ හදවතටත් පෙනහලූවලටත් කිසියම් තද වීමක් ඇති කිරීමයි. ඒත් ඒවට නම් අපට කරන්න කිසිම දෙයක් නෑ...”
කෙසේ වෙතත් ජාත්‍යන්තරයේ අවධානය මේ කුඩා සාමා වෙත යොමු වීම නිසා ඇයට උදව් කරන්නට පිරිස් ඉදිරිපත් වූහ.විකලාංග චිකිත්සකයෙක්, පශූ වෛද්‍යවරයකු සහ කායික චිකිත්සකයකු ද අලි ඇතුන් පුහුණුකරුවකු ද මේ පිරිසට අයත් වූ අතර ඔවුන් පැමිණියේ සාමාට කෘතී‍්‍රම පාදයක් සවිකරන්නටය. ඔවුන් කෘතී‍්‍රම පාදයක් සවිකළත් ඒ ව්‍යායාමය අසාර්ථක විය. ඔවුන ද නැවත නැවතත් උත්සාහ කළත් තුන් වතාවක්ම ඒ කටයුත්ත අසාර්ථක විය. හේතුව වූයේ සාමා මේ බොරු කකුළට අනුගත වීමට අපොහොසත් වීමය. අවසානයේ ඇගේ ගොව්වෝ සාමාව රැළෙන් ඉවත් කිරීමටත්, රැළ සමග ඇයට එකතුවීමටත් ඉඩ නොදෙන්නටත් එකඟ වූහ. ඒ අනුව ක‍්‍රමයෙන් බොරු කකුළට හුරු පුරුදු වන්නට මේ ඇතින්න සමත් වූවාය. එහෙත් එහි ප‍්‍රතිඵලයක් ලෙස වසර කිහිපයක් යනතුරුම මේ ඇතින්නට ඇගේ රැළට එකතුවන්නට නොහැකි වූවාය. රැළේ සාමාජිකයන් ඇය ප‍්‍රතික්ෂේප කළ බැවිනි.
(ෆ‍්‍රන්ට්ලයින් සඟරාව ඇසුරිනි)



කොර ගසමින් යන සාමා
Tag : ,

සමිභාහන මධ්‍යස්ථාන මුවාවෙන් කෙරෙන අපචාර කි‍්‍රයා

Lankadeepa News :-



නිලානි විසි පස් හැවිරිදිය. විවාහක යැයි කිව නොහැකි තරම්ය. පාසල් දිවියෙන් සමුගත්තා පමණක් මෙන්ය. දඟකාර බවේත්, විසේකාර බවේත් අඩුවක් නැත. මිතුරකුගේ මාර්ගයෙන් මගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගත් බව ඇය කීවාය. කොතෙක් පෙරැත්ත කළද ඇය මගේ මිතුරාගේ නම කීවේ නැත.
මේ ජොබ් එකේදී රහස්‍ය බාවය රැකීම හරියට වටිනවා. ඇය කීවාය. වෘත්තියේ ගරුත්වය වෙනුවෙන් නොපැකිලිව පෙනී සිටින බවක් මුල සිටම ඇය පෙන්නුම් කළාය. ඇය තරමක් අමුතු යැයි මට සිතුනේ එනිසාය.
”සමහරු මේ රස්සාවට ඇවිත් මේක විනාශ කරනවා.” කතාබහ අතරමගදී ඇය කීවාය.
මේක උතුම් වෘත්තියක් කියලා මම කියන්නේ නෑ. නමුත් මේකත් වෘත්තියක්. මේ ලෝකේ මිනිසුන් වෙනුවෙන් තියෙන වෘත්තියක්. තරමක් වෙනස් තමයි. ඒත් මේකත් වෘත්තියක්. සයුරු රළ පරයමින් ඇගේ හඬ උස්ව නැගෙයි. ඇය තරමක් කෝපයට පත්ව සිටියාය. ඒ තමන් නියැලී සිටින වෘත්තීය සම්බන්ධයෙන් බොරු අසත්‍ය වාර්තා පැතිරී යාම සම්බන්ධයෙනි.
සමහරු අප ගැන කිසිම දෙයක් දන්නේ නැතිව බොරු ලියනවා. අපිත් එක්ක එක වචනයක් හරි කතා කරපු කෙනෙක් නම් එහෙම ලියන්නේ නෑ. ඇය හැඳින්විය යුත්තේ කවර නමකින්දැයි මට තවමත් තේරුම් ගත නොහැකිය. ඇගේ වෘත්තිය කුමක් වුවද ඒ සියල්ල ඉක්මවා ගිය විචාරකයකුගේ සෙවණැලි ඇගේ ආත්මයෙන් මතුව පෙනේ.
මම බැන්දේ අවුරුදු 17 දී ඇය දිගු කතාවට මුල පිරුවේ එසේය. ඉතා ඉහළ වත් පොහොසත්කම් සහිත නිවෙසක මලක් ඇඟට වැටෙන දුකක් නොමැතිව ඇය හැදුණාය. වැඩුණාය. ඉගෙන ගන්නත් හපන්කම් පෑ නමුදු වයස අවුරුදු 17 දී ඇය විවාහ වූයේ එයට කිසිවකු හෝ බාධා නොකළ හෙයිනි.
අපේ ගෙදර පාටියකදී තමයි මට එයා හම්බ වුණේ. අප කතාබහ කළා. ඒත් යාළු වුණේ නෑ. එයා ව්‍යාපාරිකයෙක්. කොහොම වුණත් තාත්තට එයාව අල්ලලා ගියා. අම්මයි, තාත්තයි කතා කරලා මට යෝජනාව දැම්මා. මමත් අකමැති වුණේ නෑ. අකමැති වෙන්න හේතුවක් නෑ. ඒ අයගේ ගෙදරිනුත් කැමති වුණා. ඊට පස්සේ අපට ඕනෑ වුණේ ඉක්මනට එක වහලක් යටට එන්නයි. සල්ලි තිබුණ නිසා අධ්‍යාපනය පැත්තෙන් ඒ තරම් ඉස්සරහට යන්න ඕනෑකමකුත් මට ඇති වුණේ නෑ. කොහොම හරි අපි ඉක්මනින්ම බැන්දා.
මල් සිහින අතර මල් සමය ගෙවී යමින් තිබුණේය. කාටවත් වරදක් නැති කාගෙන්වත් වරදක් නැති ජීවිතයක් ඒ දෙදෙනාටම උරුම වී තිබුණේය.
එසේනම් ඇය අද සම්බාහන මධ්‍යස්ථානයක් තුළ දවස ගෙවමින් පාපකාරී සිදුවීම් අතරේ ජීවිතය දියකරමින් සිටින්නේ ඇයිද කියා ඔබට සිතෙන්නට පුළුවන.
”ජීවිතය” යනු තනි වචනයක් නොවේ. ”ජීවත්වීම” යනු වචන ගණනාවක්ද නොවේ. ජීවිතයට එරෙහිව ඉරණම සරදම් කරන්නේ කල් ඇතිව දැනුම්දී නොවේ. එහෙයින් ජීවත්වීම සඳහා සාදා නිම කළ ආකෘතියක් කිසිවකුට හෝ තිබිය නොහැකිය.
නිලානිගේ ජීවිතය යනු ඒ පරම සත්‍ය ඇස්පනාපිටම ඔප්පු කළ අපේ කාලයේ දයාබර සොහොයුරියකගේ ජීවිතයකි.
”මම ලංකාවේ විතරක් නොවෙයි. තායිලන්තයේ බැංකොක් වලත්, මැලේසියාවේ ක්වාලාලම්පූර්වලත් ඉඳලා තියෙනවා. එහෙ ගිහිල්ලත් මම කළේ මේ රස්සාවමයි” නිලානි කීවාය.
සම්බාහන මධ්‍යස්ථාන අතරේ ඇය කොතරම් ගැඹුරකට ගිහින් තිබේදැයි ඒ කියමනෙන්ම ඔබට තේරුම් ගත හැකිය. ඇය වෘත්තියක් නොමැතිකමට මෙම මග තෝරා ගත්තා නොව වෘත්තිය ලෙසම මේ මග තෝරා ගත්තීය.
”පසු තැවීමක් නැද්ද?” ඇයගෙන් මම විමසුවෙමි. ”මම ඒකනේ කිව්වේ මේකත් වෘත්තියක් කියලා.” ඇය කෙළින්ම උත්තරයක් දුන්නාය.
”අපේ පවුල් ජීවිතේ තිබුණේ මාස හතරයි....” ජීවිතයේ ඉරණම වෙනස් කළ අනුවේදනීය සිදුවීම් මාලාවක ආරම්භය ඇය පටන් ගත්තේ එසේය.
”ඇක්සිඩන්ට් එකක් වෙලා එයාගේ ඉණෙන් පහළ පණ නැතිව ගියා.” ඇය ඉකිබින්දා යැයි මම නොලියමි. එහෙත් මෙතෙක් වෙලා දීප්තිමත්ව තිබූ ඇගේ දෙනෙත පුරා රතු පැහැයක් ගලා ගියේය.
මට ජීවිතයේ බර දැනෙන්න පටන් ගත්තේ ඊට පස්සෙයි. මෙච්චර කාලයක් මම හිතා ගෙන හිටියේ ජීවිතය කියන්නේ ඉර පායනවා... ඉර බැහැලා යනවා කියලා විතරයි. හැබැයි ඇත්ත ජීවිතය ඊට වඩා හුඟාක් වෙනස් කියලා මට තේරෙන්න පටන් ගත්තා. ඒවගේම මේ හැම අභියෝගයකටම මුහුණ දීලා ජයගන්නවා කියලත් මම හිතුවා.” නිලානි කීවාය.
එය ඇත්තකි. ඔත්පල වූ සැමියා යළි දෙපයින් නගා සිටුවීමට ඇය අපමණ වෙහෙසක් දැරුවාය. සියලූ දේපොල උගස් කරමින්, විකුණමින් ඇය සැමියා වෙනුවෙන් වියදම් කළාය.
මම මහත්තයාව ඉන්දියාවෙත් එක්කගෙන ගියා. මාස තුන හතරක් ඉන්දියාවේ නතර වෙලා බෙහෙත් කළා. මට ගොඩාක් වියදම් ගියේ ඒකටයි.
නිලානි එසේ කියන්නීය. එහෙත් හඬෙහි පසුතැවීමක් නැත. යුතුකමක් ඉටු කිරීම සම්බන්ධයෙන් රළ ගසන ප‍්‍රීතියක් උද්දාමයත් ඇගේ හඬෙහි වෙති.
මම මහත්තයාව ඉන්දියාවට එක්කගෙන ගියේ ගොඩාක් බලාපොරොත්තු ඇතිවයි. නමුත් මගේ මහත්තයාව සනීප කරගන්න බැරි වුණා. අපි ආපහු ලංකාවට ආවා. ඒ ආවේ කිසිම දෙයක් නැතිව. කොටින්ම කියනවා නම් හිඟන්නො වගෙයි.
ජීවිතය යළිත් ආරම්භ කළ යුතුව තිබිණි. ”දුෂ්කරය කියා ජීවිතයෙන් පලා යා නොහැකිය. ඇය එසේ සිතුවාය. ඔත්පළ සැමියා සමග සැමියාගේ මහ ගෙදරට ගිය නිලානි එතැන් පටන් අලූතෙන් ජීවිතය ආරම්භ කිරීමේ මාවතක් සෙව්වාය.
ඒ වෙනකොට ගෑනියකුගේ ”ලස්සනට” කරන්න බැරි දෙයක් නෑ කියලා මම දැනගෙන හිටියා. මට එහෙම අත්දැකීම් ඕනෑ තරම් තිබුණා. නමුත් මට එහෙම ජරා රස්සාවක් කරන්න ඕනෑ වුණේ නෑ. මම දන්නවා ඒ වගේ රස්සාවක් කරන්න පුළුවන් බොහොම ටික කාලයයි කියලා. ඊට පස්සේ කුණු මාළු කෑල්ලක් වගේ පාරට විසි කරනවා. සල්ලි ටිකක් වැඩිපුර හොයාගන්නත් ඕනෑකම තිබුණා. ඉක්මනින් සල්ලි හොයා ගන්නත් ඕනෑ කමක් තිබුණා. ඊට පස්සේ මම මේ රස්සාව තෝරා ගත්තා.
ඇගේ ප‍්‍රකාශය අවසන් වනවාත් සමගම මම මේ දැන් ඔබේ සිතට දැණුනු ප‍්‍රශ්නය දැන්ම යොමු කළෙමි.
”මේ රස්සාව හොඳ රස්සාවක්ද?” මේ නිලානිගේ කඩ හඬය.
”මං ඒකයි කිව්වේ මේකත් රස්සාවක් කියලා. කැමති රස්සාවක් කිරීමේ නිදහස මිනිසුකුට තියෙනවානේ.” ඇය තරමක් සැරෙන් මෙන් කීවාය.
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් කෙරෙන අපචාර ක‍්‍රියා පිළිබඳව මා දන්නා දේ කියමින් ඇයගෙන් මා විමසුවේ ඒ අර්ථයෙන් ගත්තාම ඔබ කොහොමද මේ රස්සාව වෙනුවෙන් පෙනී සිටින්නේ කියාය.
මම මසාජ් කියන එක ඉගෙනගෙන තමයි කරන්නේ. මම මං ගාවට එන කෙනාව පැය එක හමාරක් මසාජ් එක හරියට දෙනවා. එක විද්‍යාත්මකව දෙනවා. ඊට පස්සේ සිද්ධ වෙන දේත් විද්‍යාත්මකව අත්‍යවශ්‍යයි. ඒකත් මසාජ් එකේම කොටසක්. නමුත් සමහරු ඒක එපා කියනවා. තව සමහරු ඒකටම එනවා. කවුරු ආවත් ඒ එන කෙනා සතුටු කරලා යවන එක තමයි මගේ ජොබ් එක වෙන්නේ.
නෑසිය යුතු වුණත් අවලස්සන ප‍්‍රශ්නයක් මම ඇසුවෙමි.
”ඔබේ ආදායම කීයද?”
ඈ ප‍්‍රශ්නය අසනතුරු බලා සිිටියාක් මෙන්ය. ප‍්‍රශ්නය පිටවීමට පෙර ඇය උත්තරය පටන් ගත්තාය.
”ඔයත් ලියලා තිබුණා..... එනකෙනා රුපියල් 1000 ක් දීලා ඇතුළට එනවා. ඒ දාහෙන් රුපියල් 500ක් අපට ලැබෙනවා කියලා. ඒක නම් බොරු. මම තැන් කීපයකම වැඩ කරලා තියෙනවා. මම දන්න එකම එක තැනයි තියෙන්නේ එහෙම දෙන. අනික් තැන්වල එහෙම නෑ. අප ළඟට එන කෙනා අපට දීලා යන ගාන තමයි අපේ ආදායම. සමහරු රුපියල් දාහ දෙදාහ දීලා යනවා. තවත් සමහරු රුපියල් හාර පන්දහ පවා දීලා යනවා. ඉතින් ඒවා ඔක්කොම එකතු කරලා ගත්තාම ලොකු ගානක් තමයි.
”මම කොහොම හරි මහත්තයාව සනීප කරනවා. ඊට පස්සේ මම මේ දවස්වල ගෙයක් හදාගෙන යනවා. ඒ ගෙදර පදිංචියට යනවා. මගේ එකම ඉලක්කය එච්චරයි.”
යළිත් මෝඩ ප‍්‍රශ්නයකි.
”මහත්තයා මේ ජොබ් එක ගැන දන්නේ නැද්ද?”
නිලානි මෙසේ කීවාය.
එයාට ඒ ගැන එහෙම තේරුමක් නෑ. එයාට මං කියලා තියෙන්නේ කොළඹ ලොකු කොම්පැණියක වැඩ කරනවා කියලයි. දැන ගත්තා කියලා එයා මොනවා කරන්නද?
ඇය තවත් බොහෝ දේ කීවාය. එහෙත් ඒවා ලිවිය නොහැකිය. ලෝකය යනු මෙහෙම තැනකි.

Tag : ,

ලෙඩ රැසකට ගුණ දෙන සර්ප සම්බාහනය


Lankadeepa News :-



ඊශ‍්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීමේ අවස්ථාවක් එහි පාලිකා අඞ් ආ බරාක් මහත්මිය සලසාදී තිබේ. එය නම් සර්පයින් ලවා සිරුර සම්බාහනය කරවා ගැනීමය.
ඩොලර් 80ක ගාස්තුවක් අය කරන මේ සර්ප සම්බාහනය සඳහා විවිධ වර්ගයේ සහ ප‍්‍රමාණයේ සර්පයින් රැසක් බරාක් මහත්මියගේ රූපලාවන්‍යාගාරයේ සිටී.
සේවාලාභියාගේ සිරුර මත තැන්පත් කෙරෙන සර්පයා එම සිරුරේ වෙළෙමින් එතෙමින් දඟර ගසමින් ගමන් ගනිද්දී මාංශ පේශී සම්බාහනය වන අතර එය ඉතා සුවිශේෂී අත්දැකීමක් බව ඒ සේවාව ලබාගත් අය පවසා ඇත.
සර්පයාගේ ප‍්‍රමාණය අනුව තෙරපීම වැඩිවන අතර පිටකොන්ද ප‍්‍රදේශ හා පාද පෙදෙස් සම්බාහන පිණිස ප‍්‍රමාණයෙන් විශාල සර්පයින්ද මුහුණ වැනි සෞම්‍ය සමක් සහිත ප‍්‍රදේශවල සම්බාහනය පිණිස කුඩා සර්පයින්ද යොදා ගැනේ.
මේ අමුතුම සම්බාහන කටයුත්ත දැන් බොහෝ ජනපි‍්‍රය වේගන යන බව පවසන අඞ් ආ බරාක් මහත්මිය මේ සඳහා යොදා ගන්නේ විෂ රහිත සර්පයන් නිසා සේවාලාභීන්ට බියවීමට කිසිම හේතුවක් නොමැති බවද පවසන්නීය.


Tag : ,

ලංකාවේ ඇති තෙල් සම්පත

Lankadeepa News :-



මන්නාරම් ද්‍රෝනියේ ගෑස් හා තෙල් නිධි මතු වූ පුවත දළදා සමිඳුන්ගේ සෙවණේ සිට තමා මුළු රටටම දැනුම් දෙන්නේ ඉමහත් ප‍්‍රීතියකින් බව, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේ ඔක්තෝබර් දෙවැනිදාය.
එය බොහෝ කාලයක සිට, දල්වාගත් බලාපොරොත්තුවක ප‍්‍රතිඵලයකි. ගෑස්, තෙල් මතු නොව, රන් මැණික්, මිනිරන් ආදී වටිනා පාෂාණ ආකරයකින් මේ ලක් පොළොව පිරී තිබේ.
අප ඒ මත දෙපය තබනවා මිස, පයට පෑගෙන හැම වැලි කැටයක් පාසාම දියුණුවේ රහස් සැඟවී ඇතැයි කිසිවිටෙකත් සිතා නැත.
එහෙත්, ඇත්ත එයයි. ශ්‍රී ලංකාව යනු ඛනිජ සම්පත් ආකරයකි. එම ආකරය පිරී ඇත්තේ බොහෝ විට, ආසියාවේ වටිනාම සහ, හොඳම ඛනිජ වර්ගයන්ගෙන් බව, සමහර විට තවමත් ඔබ නොදන්නවා විය හැකිය.
අප රට සතු ඛනිජ සම්පත් සහ ඒවායේ වටිනාකම්ද, එමගින් අපට උපයා දෙන විදේශ විනිමය ප‍්‍රමාණය ද යන මූලික කාරණා විවරණයට මෙම ලිපිය වෙන්කෙරේ.
ශ්‍රී ලංකාව සතු ඛනිජ සම්පත්
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාශයේ, භූ විද්‍යාඥ දීපානි වීරකෝන් මහත්මිය පෙන්වා දෙන අන්දමට ප‍්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් වර්ග විස්සකට (20) අධික ප‍්‍රමාණයක් ඇති බව මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ තීරුවානා, මිනිරන්, තලාතු මිනිරන්, ෆෙලිස්පා, පොස්පේට්, මැණික්, ඛනිජ වැලි, ඩොලමයිට්, හුණුගල්, සිලිකා වැලි, යපස්, කැල්සයිඞ්, රත්තරන්, බෝල මැටි, කෙයෝලීන් මැටි, වළං මැටි, උළු ගඩොල් මැටි හා විසිතුරු පාෂාණ වශයෙනි.
ඊට අමතර වශයෙන් තෙල් හා ගෑස් නිධි ඇති බවටද මන්නාරම් ද්‍රෝණියේ කැණීම කරන ”කෙයාන්ස්” ඉන්දීය සමාගමක් මේ වන විට තහවුරු කොට තිබේ. මෙම ඛනිජ සම්පත් වර්ගයන්හි, වැඩි ප‍්‍රතිශතය, මෙරට නිමි ද්‍රව්‍ය නිපදවීම සඳහා මූලද්‍රව්‍ය ලෙස භාවිත වන අතර, වර්ග පහක් (05) පමණක්, විදේශයන්ට අපනයනය කෙරේ.
ඛනිජ සම්පත් බහුල ප‍්‍රදේශ සහ ඒවායේ භාවිතය
පරිගණක මෘදුකාංග, ඇතුළු අධි තාක්‍ෂණික උපකරණ නිෂ්පාදනයට යොදා ගන්නා තලාතුමිනිරන් මධ්‍යම පළාතේ, මාතලේ, ඕවල යන ප‍්‍රදේශ කේන්ද්‍රකොට හමුවී ඇති අතර, එවා, අපනයනික ඛනිජ සම්පත් වර්ගයට අයත්වේ. ජපානය, සිංගප්පූරුව, මැලේසියා යන රටවලට මෙන්ම, යුරෝපයට තලාතු මිනිරන් අපනයනය කෙරේ. ගලහ, අකරැුල්ල, කබරව යන ප‍්‍රදේශ මූලිකව තිරුවානා හමුවී ඇති අතර බෝගල කහටගහ, කොළොන්ගහ යන ප‍්‍රදේශවලින් මිනිරන් හමුවී ඇත. ශ්‍රී ලංකාවේ මිනිරන්, යනු ලෝකයේ සියලූ මිනිරන් අතුරින් පිරිසිදු භාවයෙන් ඉහලම මිනිරන් බවටද සනාථ වී තිබේ. යුද උපකරණ ඇතුළු නිමි ද්‍රව්‍ය නිපදවීමට ඒවා යොදා ගැනේ. පිඟන් සැදීමේ, මූලික සංයෝගයක් ලෙස භාවිතයට ගැනෙන, ෆෙලිස්පා ඛනිජ වර්ගය මාතලේ ප‍්‍රදේශය නියෝජනය කරයි.
එප්පාවල පිහිටි පොස්පේට් නිධියද, ශ්‍රී ලංකාවට මහා සම්පතක් වන්නේ, ලෝකයේ ඉහළම පොස්පේට් ප‍්‍රතිශතයක් ඇති, නිධිය එය වීම නිසාය. මූලික වශයෙන්, පොහොර වර්ග නිෂ්පාදනයට පොස්පේට් යොදා ගනු ලබයි.
සබරගමුව පළාත කේන්ද්‍රකොට, අපේ මැණික් නිධි හමුවී ඇති අතර, පුල්මුඬේ පිහිටි මහා ඛනිජ වැලි නිධියට අමතරව නයාරූ, කුදිරමලේ හා ගාල්ල හම්බන්තොට, ප‍්‍රදේශයන්හීද ඛනිජ වැලි ඇති බවට හඳුනාගෙන ඇත. ඛනිජ වැලි වර්ග ද කොටස් කිහිපයකට වෙන් කෙරෙන අතර ඉල්මනයිට්, මොනසයිට්, රූටයිල්, ගානට් සහ සිලිමනයිට් ලෙස ඒවා වර්ගීකරණය කොට තිබේ.
සැහැල්ලූ අභ්‍යාවකාශ යාන, මිසයිල ඇතුළු උපකරණ නිපදවීම සඳහා අවශ්‍ය, ශක්තිමත් හා සැහැල්ලූම මූලද්‍රව්‍ය වන ටයිටෑනියම් ලබාගත හැක්කේ මෙරට ඛනිජ වැලි මගිනි. ඒ අනුව ඛනිජ වැලිද අපනයනික ඛනිජ සම්පතකි. තේ පැල සිටුවීමේදී පසෙහි අඩංගු සිලිකා ප‍්‍රමාණය අවම කිරීම සඳහා යොදා ගන්නා පොහොර නිෂ්පාදනය කෙරෙන ඩොලමයිට් සම්පත, මාතලේ හා දිගන ප‍්‍රදේශ වෙතින් හමුවී ඇත.
සිමෙන්ති කර්මාන්තයට යොදා ගන්නා මයෝසීන හුණුගල් නිධිය පුත්තලම සිට යාපනය දක්වා දිවෙන මුහුදු සීමාවේ පිහිටා තිබේ.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ, මෙම හුණුගල් නිධිය මයෝසීන යුගයේදී හමුවී ඇති බැවින්, ඊට මයෝසීන හුණුගල් වශයෙන් භාවිතා කරන බවයි.
වීදුරු කර්මාන්තය සඳහා යොදා ගන්නා, සිලිකා වැලි (වීදුරු වැලි) නාත්තන්ඩිය, මාරවිල සහ, අම්පන්වල්ලිපුරම් යන ප‍්‍රදේශ ආශ‍්‍රිතව බහුලව දැකිය හැකිය. හලාවත පනිරෙන්ඩාව, විලගෙදර, සේරුවාවිල හා බුත්තල යන ප‍්‍රදේශ මූලිකව යපස් නිධි හමුවී ඇති අතර, ලෝහ නිෂ්පාදන හා යකඩ කර්මාන්තය සඳහා යපස් යොදා ගනී.
කඩදාසි හා පිඟන් නිෂ්පාදනයේ මූලද්‍රව්‍යයක් වන කැල්සයිඞ් ඛනිජ සම්පත බලංගොඩ ආශ‍්‍රිතව පිහිටා ඇත.
තිරුවානා හා රෝස තිරුවානා කුට්ටි සමඟ මිශ‍්‍රවද , තනි තනි වශයෙන් ද රන් හමුවෙන ප‍්‍රදේශ ලෙස රම්බොඩ, බලංගොඩ, හා කුරුවිට දැක්වෙන අතර වළවේ ගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශ තුළ මැණික් නිධි අතරේද රත්තරන් තිබෙන බවට හඳුනාගෙන ඇත.
පිඟන් ගඩොල් හා පිඟන් කර්මාන්තයට බහුලව යොදා ගැණෙන, බෝල මැටි, කළුතර, දෙදියවල ප‍්‍රදේශ වෙතින් හමුවී තිබේ.
නමුත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අවශ්‍යාතාවට ප‍්‍රමාණවත් තරමේ බෝල මැටි නොමැතිකමින් මේ වන විට, එය ආනයනික ඛනිජ සම්පතක් වී ඇත.
චීන මැටි නොහොත්, කෙයෝලීන් මැටි, මීටියාගොඩ හා පිළියන්දළ ප‍්‍රදේශ කේන්ද්‍රගතව හමුවන අතර එය පිඟන් කර්මාන්තයේ මූල ද්‍රව්‍යයක් ලෙස යොදාගනු ලැබේ.
ගිංතොට, වැලිගම, කෑගල්ල, යටියන හා කොච්චිකඬේ, දංකොටුව යන ප‍්‍රදේශ ආශ‍්‍රිතව වළං මැටි හා උළු ගඩොල් මැටි හමුවන අතර, කුරුණෑගල, කැබිතිගොල්ලෑව, අනුරාධපුර ප‍්‍රදේශ මුල්කොට විකිරණශීලි ඛනිජ අඩංගු නොවන විසිතුරු පාෂාණ, හමුවී තිබේ. ග‍්‍රැනිට් පාෂාණ, චානුකයිට් පාෂාණ යන මේවාට ඉතාලියේ ඉහළ ඉල්ලූමක් ඇති අතර, විසිතුරු කැටයම්, පිඟන් ගඩොල් ආදී නිර්මාණයන්ට ඒවා යොද ගනු ලබයි.
ගෑස් හා තෙල් නිධි
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් හා තෙල් නිධි ඇති බවට වන කැණීම් සඳහා, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අතගසා ඇත්තේ මීට වසර 40 එපිට අතීතයේදී බව පැවසේ. වරින් වර යට යමින් මතුවෙමින් පැමිණි ඒ කාර්යය, යළිත් සමීක්‍ෂණ තලයට පැමිණියේද දෙදහ දශකයේදීය. නෝර්වේ රාජ්‍යයේ සමාගමක් විසින් කරන ලද එම මූලික වටයේ කැණීම් සාර්ථකත්වය මත. යළිත් දෙවැනි මට්ටමේ සමීක්‍ෂණයක් කළ අතර, ඒ අනුව ස්ථීර ලෙසම මන්නාරම් ද්‍රෝණියේ ගෑස් හා තෙල් ඇති බව අනාවරණය කෙරිණ.
ශ්‍රී ලංකාවේ ගෑස් හා, ඛනිජ තෙල් කැණීම් කටයුතු විදේශීය සමාගම් වලට විකුණා ඇති අතර ඉන් එක් කොටසක් ඉන්දියන්, කෙයාන්ස් සමාගම සතුව පවතී. ඒ අනුව ඔවුන් මන්නාරම් ද්‍රෝණියේ, මීටර් 1300 වන මුහුදු ගැඹුරට යටින් වූ මුහුදු පත්ලේ මිහිවිදුම් කටයුතු කොට ඇත්තේ ත‍්‍රීමාන කම්පන විශ්ලේෂනයක් ද සිදු කිරීමෙන් පසුවය. එම කැණීම් මගින් මේ වන විට තහවුරු වී ඇත්තේ තෙල් වලට වඩා වැඩි ප‍්‍රතිශතයක් ගෑස් තිබිය හැකි බවයි.
අපනයනික ඛනිජ සම්පත් සහ ආදායම්
ජාතික ඛනිජ සම්පත් ප‍්‍රතිපත්තියට අනුව, දේශීය වශයෙන් නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගැණෙන ඛනිජ සම්පත්, විදේශයන්ට අපනයනය නොකෙරේ. ඒ අනුව, අපනයනික ඛනිජ සම්පත් අතරට අයත් වන්නේ, දමනි තිරුවානා, මිනිරන්, තලාතුමිනිරන්, ඛනිජ වැලි වර්ග මැණික් හා විසිතුරු පාෂාණ පමණි.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සතු දත්ත අනුව, අපනයනික ඛනිජ සම්පත මඟින් 2010, වසරේ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන දහ දහස් දෙසිය අනූ එකක් උපයා තිබේ. ඒ මැණික් සඳහා රුපියල් මිලියන 7500, දමනි තීරුවානා සඳහා, මිලියන 1008, මිනිරන් සඳහා රුපියල් මිලියන 450, තලාතු මිනිරන් සඳහා මිලියන 96, විසිතුරු පාෂාණ සඳහා රුපියල් මිලියන 56ක්ද වශයෙනි.
ඊට අමතරව, ඛනිජ වැලි වර්ග හතරක් සඳහා (ඉල්ලමනයිට්, රූටයිල්, සර්කෝන් හා ඛනිජ මිශ‍්‍රිත වැලි) රුපියල් මිලියන 1181 ක මුදලක් ද ඊට අයත්ය.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීමේ ඉතිහාසය

මන්නාරම් මුහුද ආශ‍්‍රිත තෙල් සහ වායු සංචිත ඇත්දැයි සොයා බැලීම ඇරඹී ඇත්තේ මීට වසර හතළිස් පහකට පමණ ඉහතදීය. ඒ 1967 වර්ෂයේ ”කැම්පේන් ජෙනරල් ද ජියොෆිසික්” නැමැති ප‍්‍රංශ සමාගම හා, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව කළ සමීක්‍ෂණයකිනි. අනතුරුව, 1974 වර්ෂයේදී ද රුසියානුවන් විසින් මන්නාරම් දුපත ආශ‍්‍රිතව ගවේෂණ කරන ලද නමුත් සෑහීමකට පත්විය හැකි අන්දමේ ප‍්‍රතිඵලයක් අත් නොවිණි.
එසේ වුවද තෙල් හා ගෑස් පිළිබඳව වන බලාපොරොත්තු අත් නොහැරි ශ්‍රී ලංකා තෙල් සංස්ථාව, 1975 වර්ෂයේදී ”පෙක්සමින් ෆැසිපික්” සමාගමේ උපදේශකත්වය මත, තෙල් ගවේෂණය නව ක‍්‍රමවේද පිළිබඳ දැනුමින් සන්නද්ධ විය. ඒ අනුව, 1976 වසරේදී ”වෙස්ටන් පියෝෆිසිකල්” සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ සහ පෝක් සමුද්‍රසන්ධිය ආශ‍්‍රිතව ද්විමාන භූ කම්පන දත්ත රැස් කරන ලද අතර, ඉදිරි ගවේශන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා තෙල් සංස්ථාව පෙක්සමින් ෆැසිපික් ආයතනය සමග ගිවිසුමකට ද එළැඹ තිබේ. එමඟින් කාවේරි ද්‍රෝණියේ ගවේෂණ වෙනුවෙන් පෝක් සමුද්‍ර සන්ධි 1, සහ ඩෙල්ෆ් 1, යන කලාපවල තෙල් ළිං දෙකක් කණිනු ලැබුවද ප‍්‍රතිඵල සතුටුදායක නොවිණි.
1984, වසරේදී තෙල් සංස්ථාවත්, ”ෆිනික්ස් කැනඩා ඔයිල්” හා ”පෙට්‍රොල් කැනඩා” යන සමාගම් අතර ත්‍රෛපාර්ශවීය ගිවිසුමක් අත්සන් කෙරුනේද තෙල් හා ගෑස් පිළිබඳව වන අපගේ සිහින මල්පළ ගැන්වීම වෙනුවෙනි. එමඟින් මන්නාරම් ද්‍රෝණියේ ද්විමාණ භූ කම්පන දත්ත රැස් කෙරුණු අතර, එය මන්නාරම් බොක්කේ කළ පළමු භූ කම්පන දත්ත රැස්කිරීමේ වැඩ සටහන ද විය. නමුත් 1984 වර්ෂයෙන් පසුව නවතා දැමුණු තෙල් හා වායු ගවේෂණ කටයුතු යළි කළ එළි බසින්නේ 2001 - වර්ෂයේදීය.
එම වසරේ නෝර්වේජියානු සමාගමක් වන ”ටී.ජී.එස්. නෝපෙක්” සමාගම සහ තෙල් සංස්ථාව එක්ව මන්නාරම් ද්‍රෝණියේ භූ කම්පන දත්ත යළි රැස්කළ අතර 2002දී ”නිව් සවුත් ග්ලෝබල්” සමාගම මගින් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලදි.
එම වාර්තාව මගින් මන්නාරම් බොක්කේ තෙල් සංචිතයෙහි ප‍්‍රමාණය පිළිබඳවද දළ ඇස්තමේන්තුවක් දක්වා තිබිණ. ඒ සමගම ටී.ජී.එස්. නෝපෙක් සමාගම මන්නාරම් ද්‍රෝණිය ආශ‍්‍රිතව තවත් කිලෝමීටර් 4600 දත්ත රැුස් කළේය.
2007, වසරේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය, මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ ප‍්‍රදේශ තුනකට බලපත් නිකුත් කිරීමේ ක‍්‍රියාවලියක් අරඹන්නේ මේ පසුබිම සැලකිල්ලට ගනිමිනි.
2008 දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්දියානු සමාගමක් වන කෙයාන් හා ගිවිසුමකින් බැඳෙන අතර ඊට අනුව ගැඹුරු මුහුදේ තෙල් කැණීම් කරන ”චික්යු” ජපන් නෞකාව මන්නාරම් මුහුදට සේන්දු විය.
මෙතෙක් සිදුකොට ඇති සමීක්‍ෂණ මගින් මන්නාරම මුහුදු පතුලේ හයිඩොකාබන් තැන්පතු කිහිපයක් ඇති බව සනාථ වී ඇති අතර, එම තෙල් නිධි ඇති ස්ථාන නිවැරදිව හඳුනාගැනීමෙන් අනතුරුව ”චික්යු” තම කැණීම් කාර්යය ආරම්භ කරනු ඇත.
එසේ වුවද හයිඩ්‍රොකාබන් තැන්පතුවේ ප‍්‍රමාණය හා ගැඹුර අනුව තෙල් හා ගෑස් ලබාගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳ තක්සේරුවකට එළැඹීමකට ද ඒවා වෙළඳපලට නිකුත් කිරීමට ද තවත් වසර ගණනාවක් ගතවනු ඇති බව ක්ෂේත‍්‍රයේ විශේෂඥයන්ගේ මතයයි.
Tag : ,

විල්පත්තුවේ කුවේණි මාලිගය


Lanakadeepa News -:



ඉතිහාස පොතේ කුවේණිය අපට මවාගත නොහැකි සිතුවමකි. නැතහොත් චිත‍්‍රපටකරුවකුගේ හෝ නවකතාකරුවකුගේ චිත්තරූපයකට වහල් වූ සේයාවක් පමණි.
තඹවැල්ල අදත් දිළිසෙමින් පවතී. විල නිසලය. තම්බපන්නිය සතුරන්ගෙන් මුදාගෙන ඇත. එදා මාතොට හා මග්ගන වරාය වෙනුවට වන ලැහැබින් සැරසුණු මෝදර ගං ආරු වෙරළ තීරයට ඔබ්බෙන් මහවන මැද කපු කිණිස්ස ගස් කාටදෝ අතවනනු සේ දිස්වේ. කපු නූලෙන් රෙදි වියන රාජිණිය එහි නැත. එහෙත් ක‍්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ සිට ඇගේ නමින් නැගී සිටින ගල්කණු පෙළ පණිවුඩයක් ගෙන දේ. ඒ ගරාවැටුණු කුවේණි-විජය පේ‍්‍රම මාලිගයේ ශෝකාන්තයදෝ හැගේ.
අක්කර තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ වන විල්පත්තු වනෝද්‍යානයේ ඇති ස්මාරක අතර මේ එක පුවතක් පමණි. විල්පත්තුව යනුවෙන් අප සිතා සිටින දර්ශනයේ සිටිනුයේ වල් අලින්, මුව රංචු, විල් හා වියලි කලාපීය වෘක්‍ෂලතා පමණි. මෙතෙක් කල් අප මනසට දමා තිබූ ඒ සිතුවිලි බැම්ම කඩා අලූතින් දොරටු විවෘත කරන්නට වනජීවී දෙපාර්තමේන්තුව සැරසේ. ඒ අතර භෞතික වශයෙන් නොච්චියාගම දෙසින් ඇති ප‍්‍රදේශ දොරටුවට අමතරව තත්තිරිමලෙන්, විලච්චිය මන්නාරම් හන්දියෙන්, එළුවන්කුලමින් හා මන්නාරම -මොල්ලිකුලමින් පිවිසෙන දොරටු තැනීමට දෙපාර්තමේන්තුව වැඩ අරඹා ඇත. මනසට දොර ඇරියේ ඉකුත් සතියේ පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන් ද නාහිමියන් විසිනි.
”විල්පත්තුව යනු සත්ව විවිධත්වය හා ජෛව විවිධත්වය විතරක් පිරුණු තැනක් නොවේ. විල්පත්තුව පුරා තිබෙන්නේ බෞද්ධ ස්මාරක”යැයි කියමින් නාහිමියෝ ඊට ප‍්‍රවේශ වූහ. මීට වසර 40 කට පෙර ශිෂ්‍ය භික්‍ෂුවක් ලෙස කාල පර්යේෂණ හා පුරාවිද්‍යා වාර්තා සමග වැඩම කර සිටින නාහිමියන්ට ගල්තලා ගල් ලෙන් හා ගොඩනැගිලි පාදම් හා ගැටීම එතරම් අසීරු නොවීය.
ඔච්චප්පු කල්ලූ ප‍්‍රදේශය තනිකරම පුරාවිද්‍යා නටබුන් බිමකි. ”ඔච්චප්පු කල්ලූ” යන්නෙහි අරුත එසවූ ගල් බව මේධානනන්ද නාහිමියෝ කීහ. එය එසේම දක්නා ලැබේ. ඒ අවට ඇති ගල්ලෙන් රැසක්ම පිහිටි ගල් ලෙන්වලට වඩා ඔසවා අඩ තබා වහලයක් බවට පත්කර තැනූ ලෙන්ය.
ඇතැම් තැනක ”චතුදිග අගස...” ආදී වශයෙන් බ‍්‍රාහ්මණ අක්ෂරයෙන් ගල්ලෙන් කටාරම් අසල ශිලා ලේඛන මූර්තිමත්ය. ඉන් කියැවෙන්නේ සතර දිගින් වඩින භික්‍ෂූන් උදෙසා ඒවා පූජා කර ඇති අයුරුය. ඔච්චප්පු කල්ලූවේ ගල්ලෙන් මෙන්ම අගනා ස්තූප දෙකක නටබුන් ද හමුවෙයි. එවාහි ඝර්භය දිගින් දිගටම නිධන් හොරුන්ගෙන් විනාශව පවතී. ඒ දිගුකල් පැවැති යුද්ධයෙන් අතුරු ඵලයන්ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට වසර හතළිහකට පමණ පෙර සංරක්‍ෂණය කළ වැලිවෙහෙර නටබුන් සංකීර්ණය ද නැවත නැවතත් හාරා විනාශ කර තිබේ. එය පිහිටා ඇත්තේ වනාන්තරයේ දකුණු දෙස පුත්තලම පැත්තට වන්නටය. වනජීවී දෙපාර්තමේන්තුව උත්සාහ දරන්නේ නිධන් හොරුන්ගේ ග‍්‍රහණයෙන් මේවා බේරා ගන්නටත් ඉතිහාසයෙ සැබෑ මුහුණුවර කියන්නටත් ඇති හොඳම මග ලෙස දෙස් විදෙස් සංචාරකයන්ට මේවා නැරඹීමට සැලැස්මවීමටය.
”මෙම ස්මාරක, පොකුණු ආදිය ඉතා ආකර්ශනීය පෙනුමකින් සංරක්‍ෂණය කිරීම අපේ අරමුණ. ඒ සඳහා රජයෙන් අවශ්‍ය තරම් මුදල් ප‍්‍රතිපාදන ද ලැබිලා තිබෙන්නේ. ”දැයට කිරුළ” වැඩසටහනට සමගාමීව එම ස්ථාන සකස් කර එම ප‍්‍රදර්ශනය නැරඹීමට එන ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට විල්පත්තුව හඳුන්වා දීමත් අපි බලාපොරොත්තුයි.” යනුවෙන් ගොවිජන සේවා හා වනජීවී කටයුතු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප‍්‍රකාශ කළේය.
වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එච්. වේරගම මහතා පවසන්නේ දැනට භාවිතයට ගැනෙන විල්පත්තුවේ අක්කර 150,000 ට අමතරව තවත් ලක්‍ෂයක්වත් සංචාරකයින් වෙනුවෙන් සකස් කරදීම තවත් අපේක්‍ෂාවක් බවයි. මනවිල, පනික්කවිල, තලවිල හා කොක්මොටේ ප‍්‍රදේශවල සංචාරක බංගලා හතරක් ඉදිකර තිබේ. ඊට අමතරව තවත් බංගලා 5ක් ගොඩනගා සංචාරකයන් ඇද ගැනීමට බලාපොරොත්තුවන බව වේරගම මහතා පවසයි.
ඔහුගේ අනෙකුත් සැලසුම් අතර වනයේ ඇති වැව් ප‍්‍රතිසංස්කරණය, ආහාර වනවගා සුපෝෂණය, දියවළවල් ඉදිකිරීම් හා විදුලි වැට ඉදිකර අලි මිනිස් ගැටුම වළක්වාලීම ද වේ.
මේ සියලූ සැලසුම් අවසානයේ වන සතුන් හා වන ගොමු නරඹන අයට මෙන්ම ඉතිහාසයට ඇළුම් කරන්නන්ට පුරාවිද්‍යා ස්ථාන සියයක් පමණ හඳුන්වාදිය හැකි බව පුරා විද්‍යාඥයෝ මෙන්ම වන නිලධරයෝ ද කියති. ශිලාවතුර, පොම්පරිප්පු, මෝදරගංආරු හා ඒ ආශ‍්‍රිතව අතීත ශ්‍රී ලංකාවේ සශ්‍රීකම නගරයක් වූ උරුවේල නගරය ඉතිහාස නටබුන් මතින් දැකීමට මෙයින් මග සැලසෙන බව මේධානන්ද නාහිමියෝ කියති.
නාහිමියන්ගේ සිහිනය මල්ඵල දරන්නට තව ඊට එක්විය යුතු ”අඩුමකුඩුම” බොහෝය. විවිධ දෙපාර්තමේන්තුවල සහයෝගය, නීතිමය, ආරක්‍ෂකමය හා ප‍්‍රදේශමය සහයෝගය අනෙකුත් කරුණුය.
එමෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන ලැබී ඇති සාධක ඔස්සේ ගැඹුරින් පුරාවිද්‍යා පර්යේෂණ සිදුවිය යුතුව තිබේ. තවද ගමන ඉදිරියට යාමට සංචාරක ව්‍යාපාරයද කළමනාකරණය කර ගත යුතුව පවතී. එවිට ක‍්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ 9 වැනි සියවස පමණ දක්වා ඇති විවිධ පුරා විද්‍යා සාධකවලින් මතුවූ දැවැන්ත ස්මාරක සමූහයක් ලොවට දායාද වනු ඇත.
කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිළ සංදේශයේ කවියා සිය ඳුතයාට,
”තම්මැන්නා අඩවිය දැකයන් නොසිට...” වශයෙන් අමතයි.
කෝකිලයා එවිටත් කම්මැන්නාවේ සුන්දරත්වය දැකීමට තරම් මනරම් වූ තම්මැන්නා අඩවිය සැබැවින්ම මතු පරපුරට අලංකාරයෙන් දැකගත යුතුව ඇත්තේ නොවේද?


පුරාණයේ මග්ගන වරාය ලෙස හැඳින් වූ මෝදර ගං ආරු ප‍්‍රදේශයේ දී

ඔච්චප්පු කල්ලූ හි ලෙන් පරීක්‍ෂාව

බ‍්‍රාහ්මී අක්‍ෂර කියවන මේධානන්ද නාහිමි

අලංකාර පර්වත මුදුනක්
Tag : ,

දළදා වහන්සේ කලක් වැඩසිටි මඩුකන්ද ශි‍්‍ර දළදා විහාරය


අපි වවුනියාව නගරයේ සිට මඩුකන්ද දෙසට ගියෙමු. වවුනියාවේ සිට මඩුකන්දට කිලෝ මීටර් හතර හමාරකි. යුද ගිනි නිවීමෙන් ලැබූ නිදහසෙහි අරුත දැනෙන්නේ මේ ගම්බිම්වල පය ගැසූ විටය. යුද්ධය ගැන ඔවුහු හොඳට දනිති. යුද බිය ඔවුහු හොඳට හඳුනති. ඒබාධක මැද උපන් ගම් හැර නොයා සිටි මිනිස්සු අද ජීවිතයේ සැනසුම් සුව විඳිති.
උතුරේ බෞද්ධ සිද්ධස්ථාන අතරින් වවුනියාව දිස්ත‍්‍රික්කයේ පිහිටි ඓතිහාසික මඩුකන්ද ශ්‍රී දළදා රජ මහා විහාරය ප‍්‍රමුඛස්ථානයක් ගනී. මේ ඉපැරණි විහාරය වවුනියාව ත‍්‍රිකුණාමල ප‍්‍රධාන පාරේ මඩුකන්ද පොලිස් ස්ථානය අසළ පිහිටා තිබේ.
හේමමාලා සහ දන්ත කුමරු ශ්‍රී දළදාව රැුගෙන පැමිණියේ ලංකාපට්ටන නම් අප‍්‍රකට තොටුපළක් වෙතය. මේ ලංකා පට්ටන අප‍්‍රකට තොටුපල පිළිබඳ විවිධ මතවාද පවතී. කෝකිලායි කළපුවේ පිහිටි ලංකාපට්ටන තොටුපල මතවාද අතර සුවිශේෂී තැනකි. අතීතයේ මේ කෝකිලායි ප‍්‍රදේශය හැඳින්වූයේ කැකුළුගම නමිනි. එදා දළදා වහන්සේට කැකුළු මල් පූජාවක් කොට පිළිගත් නිසා මේ ප‍්‍රදේශය කැකුළුගම නමින් පසුව ප‍්‍රකට විය. එතැනින් පසු රුවන්මඩුව, සේම මඩුව, මාමඩුව හරහා දළදා වහන්සේ මඩුකන්ද විහාරය පිහිටි බිමට වැඩම කරවන ලදී. එතැන දළදා මැදුරක් කරවා දළදා වහන්සේ තැන්පත් කරවන්නට ද යෙදිණි. මේ ආකාරයට විමසා බලන කළ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි පූජනීය පෞරාණික පින් බිමක් හැටියට මඩුකන්ද විහාරය හඳුනා ගත හැකිය. මේ සිදුවීම් පෙළ සිදුවූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු ලංකාධිපතිව සිටි සමයේය.
මෙතැන් සිට යළි දළදාව කුඩාගලේගම ශ්‍රී දළදා විහාරය, සාලියපුර ශ්‍රී දළදා විහාරය ආදී ස්ථානවලට වැඩම කරවමින් විවිධ ස්ථානවලදී පූජෝපහාර ගරු සත්කාර බුහුමන් දක්වා තිබේ.
එදා මඩුකන්ද ප‍්‍රදේශය පාලනය කර ඇත්තේ දේව නම් සෙන්පතියෙකු විසිනි. ඒ සුවිසල් ගිරිශිඛරය විහාරයේ සිට බලද්දී ඉතා නුදුරින්ම පෙනේ. මඩු කන්දේ රජ උයන, රජ වත්ත වශයෙන් ඔහුගේ පහසුව සඳහා පිහිටි විවිධ ස්ථාන අදත් හඳුනා ගත හැකිය.
එදා දළදා වහන්සේ පිළිගන්නට මඩු බොහෝ ගණනක් පිහිටවූ නිසා මඩුකන්ද වූ බවට මතයක් පවතී. එසේම මණ්ඩලාකාර කන්දක් පිහිටි නිසා මණ්ඩලගිරි මඩුලූගිරි, මඩුකන්ද වූ බවටද මතයක් පවතී.
ප‍්‍රකට සෙල් ලිපියක් හැටියට නම් ලද ඓතිහාසික තෝනිගල ශිලා ලේඛනය පිහිටා ඇත්තේ මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේ සිට සැතපුම් 3 ක් එපිටිනි. එදා එම ප‍්‍රදේශයේ විසුවෝ ධාන්‍ය වගාකර ධාන්‍ය රාජ්‍ය ගබඩාවේ තැන්පත් කළහ.
ධාන්‍ය නැවත ලබා ගැනීමේදී ලැබෙන පොලිය ඊට නුදුරින් පිහිටි විහාරයකට පරිත්‍යාග කරන ලද බව කියැවේ. එම විහාරය අනෙකක් නොව මඩුකන්ද ශ්‍රී දළදා විහාරයම බව කිව හැකිය.
දැනට මේ විහාර භූමියේ පිහිටි ඉපැරණි නටබුන් අතර ගලින් කළ විශේෂ ගොඩනැගිලි කැටයම් බොහෝ දක්නා ලැබේ. විහාර බිමෙහි විසිරී පැතිරී ගත් කාෂ්ඨක අව්වට වේලෙන ඒ නටබුන් දෙස බලන කල වවුනියාව වැනි ප‍්‍රදේශයක මෙවන් පෞරාණික පින් බිමක් දකින්නට හැකි වීමම ආඩම්බරයට කාරණයකි.
එදා ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කළ පෞඪ දළදා මාළිගය විවිධ ගල් කැටයමින් අලංකාරය. එසේම ගලින් කළ දැනට නටබුන්ව ඇති විශාල ශීත ශාලාවක්, පැරණි වාසල් දොරටු ගලින් කළ පැරණි පොකුණු හතරෙන් දෙකක් තවමත් මනරම්ව දැකිය හැකිය.
එසේම කැණීම් නොකළ ගොඩනැගිලි රාශියක නටබුන් ගල්කණු සඳකඩපහණ ආසන රාශියක් විහාර බිම පුරා තිබෙනු දැකිය හැකිය. එදා විහාරයට අයත්ව තිබූ පැරණි චෛත්‍යයක් නුදුරින් පිහිටි ගමෙකින් හමුව තිබේ.
දැනට විහාර බිම පිහිටි පැරණි චෛත්‍ය බෝධීන් වහන්සේ විහාර ගෙය වසර 500 කින් මෙපිට ඉතිහාසයක් උරුම ස්ථානයෝය. අතීතයේ මඩුකන්ද අවට ප‍්‍රදේශය හඳුන්වා ඇත්තේ ”ප‍්‍රාචීන කංගරාජ” යන නමිනි. මෙතැන උතුර හා දකුණ වෙන්වන කඩඉම හැටියට සැලකේ.
අතීතයේ මෑත ඉතිහාසයට එබී බලන කල වසර 30 ක් පැවැති දරුණු යුද්ධයෙන් හොඳටම බැටකෑවේ මේ ප‍්‍රදේශවල පිහිටි සිංහල ගම්මානය. මඩුකන්දද ඉන් එක් සිංහල ගමකි. ඊට අමතරව ඊරප්පෙරියකුලම, මාමඩුව, මහමයිලන්කුලම, කුඩා කච්චකොඩිය මේ අවට අනෙකුත් සිංහල ගම්මාන කිහිපයකි. යුද්ධයේ ගින්නට දැවෙමින් තැවෙමින් පැවැති ඒ යුගයේ කතාව මඳක් අපට සිහිපත් කරන්නට මඩුකන්ද ශ්‍රී දළදා විහාරාධිකාරී මුවඇටගම ආනන්ද හිමියෝ අමතක නොකළහ.
”මේ යුද්ධය වවුනියාවට බලපෑවේ 1984 අවුරුද්දෙදි. දවසක් එල්.ටී.ටී.ඊ. එකෙන් ගුවන් හමුදා ජීප් එකකට බෝම්බ ගැහුවා. එදායින් පස්සෙ වවුනියාවෙන් සටන ඇරඹුණා. එයාලා ගහද්දී අපේ අයත් ගැහුවා. මේ වෙද්දි වවුනියාවෙ සිංහල ගම්මාන 35 ක් තිබුණා. අපි ඉන්න විහාරය අවට මාමඩුව, ඇටඹගස්කඩ, මාමයිලන්කුලම, මහකච්චකොඩිය, නැදුන්කුලම ගම්මානවල මිනිස්සු මේ යුද්ධය නිසා හොඳටම බැට කෑවා.
සමහර මිනිිස්සු මේ ගම් බිම් දාලා ගියා. එහෙම නොගිය අය ගමට ගහද්දි මේ පන්සලේ ඉස්කෝලෙ තියාගෙන අපි ග‍්‍රාමාරක්ෂකයො හමුදාව පොලිසිය එක්ක එකතු වෙලා ආරක්ෂා කළා. එහෙම පියවර නොගත්තානම් මේ මිනිස්සු අද ගම්වල නෑ. එක්කො දාල ගිහින් නැත්නම් යුද්දෙට හොඳට මැදිවෙලා. පන්සලට නම් එල්.ටී.ටී.ඊ. එකෙන් ගැහුවෙ නෑ.
අපිත් ස්වාමීන් වහන්සේලා හැටියට මේ ගමක් ගමක් ගානෙ ගිහින් මිනිස්සුන්ගෙ හිතට හයිය දුන්නා. දවසක් එල්.ටී.ටී.ඊ. එකෙන් මට වෙඩි තියන්න පපුවට පිස්තෝලෙ තැබුවා. එතන උන්න ත‍්‍රස්තවාදී නායකයෙක් ඒක වැළැක්වුවා. නිතරම එල්.ටී.ටී.ඊ. එකෙන් ග‍්‍රාමාරක්ෂකයෝ මරණවා. බෙලි කපල යනවා. පැහැරගෙන යනවා. ඕව තමයි අහන්න දකින්න ලැබුණේ. මහකච්චකොඩියෙ එක තැනම මිනිස්සු 36 ක් මැරුවා. කොහොම වුණත් යුද්දෙ අවසන් වෙද්දි අපේ දායක ගම්වල ජීවත් වුණ අයගෙන් 250 ක් විතර යුද්දෙන් මිය ගියා.
මේ සඳහා දායක වුණ හැමෝටම අපි පින් දෙනවා. තව හය මාසයක් ප‍්‍රමාද වුණා නම් ඉතින් අහන්නම දෙයක් නෑ. සාම කාලෙ වෙද්දි සිංහල ගම්මාන 22 ට අඩුවුණා.
මේ වෙලාවෙ පුංචි ඉල්ලීමකුත් තියෙනවා. මේ මඩුකන්ද ශ්‍රී දළදා විහාරය වවුනියාවේ ඉතාම පැරණි පින් බිමක්. මේ ස්ථානය පූජා භූමියක් හැටියට ගැසට් කරන්න විතරයි තියෙන්නෙ. ඒක ඉක්මන් වේවා කියල මම හිතනවා. ඒ වගේම උතුරු වසන්තය දෙමළ ගම්මාන වලට වගේම මේ සිංහල ගම්මානවලටත් ආවොත් අපට තව ගොඩක් යටිතල පහසුකම් මේ ගම්වල දියුණූ කර ගත හැකියි.”
පිච්චෙන ගිනි ගහන අවුවේ මද්දහනද ගතවෙමින් තිබේ. ”කෑම ටිකක් කාලම යන්න ඕනෑ” උන්වහන්සේගෙන් කාරුණික ආයාචනයකි. ඒ ඉල්ලීම පිළිගත් අපි තවදුරටත් කතාබස් කරමින් දිවා ආහාරය ගෙන යළි ආපසු ගමන කඩිනම් කළෙමු.
සටහන ඡායාරූප අසංක ආටිගල

පැරණි මුරගල

මුවඇටගම ආනන්ද හිමි

කොරවක් ගල

පැරණි දළදා මැදුර

බෝධීන් වහන්සේ

චෛත්‍යය
Tag : ,

Elecrticity Bill Calculator

ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ විදුලි බිල ඕනෑම මොහොතක තමාටම ගණනය කර ගැනීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් සේවාවක් ඉදිරිපත් කොට තිබේ. පහත වෙබ් අඩවියට පිවිස ඔබගේ පසුගිය බිලේ සදහන් දිනය මනු කියවීම හා අද දිනය මනු කියවීම ලබා දුන් විට ඔබගේ විදුලි බිග ගණනය වේ

Electricity Bill Calculator
Tag : ,

- Copyright © IT සැරිසර - Skyblue - Powered by Blogger - Designed by Johanes Djogan -